ශ්‍රී ලංකාවේ ආර්ථික ප්රතිපත්තීන් සඳහා සහාය දැක්වීම වෙනුවෙන් කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමට හැකිවීම පිළිබඳ සතුට පළ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා පවසනවා.
පසුගියදා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කළ අතර ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ.
මාස 48 ක වැඩපිළිවෙළක් සමඟ මෙය ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.