දෙදරු මවක වූ වැන්දඹු කාන්තාවකගේ බැංකු ගිණුමෙන් රුපියල් 250,000 ක මුදලක් වංචනික ලෙස ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර පොලිසිය විමර්ශනයක් ආරම්භ කෙරුණා.
අනතුරකින් අත අහිමි වූ කාන්තාව සහ සැමියා තම දරුවන් හදා වඩා ගැනීමට මුල්‍ය ආධාර ඉල්ලා ෆේස් බුක් වෙබ් අඩවියට සටහනක් එක් කර තිබූ බවයි පොලිසිය පවසන්නේ.
ඊට ප්‍රතිචාර වශයෙන් ඇයට යම් මූල්‍ය ආධාරයක් ලැබුණු නමුත් දිනක් පුද්ගලයකු ඇයට කතා කර මුදල් තැන්පත් කිරීම සඳහා ඇයගේ බැංකු ගිණුමේ භාවිතය පිළිබඳ SMS ලැබුණු දුරකථන අංකය ඉල්ලා සිටිය බවට කියැවෙනවා.
ඇය ඔහුට ඇගේ දුරකථන අංකය ලබා දුන් අතර පසුව ඔහු නැවතත් ඇයට කතා කර ඇයගේ දුරකථනයට සත්‍යාපන අංකයක් ලැබී ඇත්දැයි විමසා සිටියාය. එවැනි අංකයක් ලබාගෙන එය ඔහුට ලබාදුන් බවද ඇය වැඩිදුරටත් පැවසුවාය. එහෙයින් පසුව ඇයට දැනගන්නට ලැබුණේ රු. 250,000ක් ඔහු විසින් ඇයගේ ගිණුමෙන් ලබාගෙන තිබූ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.