කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් කෑගල්ල ස.ජ.බ සංවිධායක ලක්ෂ්මන් දිසානායක පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත්තා. ඊයේ (1) පෙරවරු 8.25 ට පමණ කෑගල්ල නගරයේ කළුගල්ල මාවතේ පිහිටි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක ලක්ෂ්මන් දිසානායක මහතාගේ පක්ෂ කාර්යාලයේ උඩුමහලේ කාමරයේ තිබී කාන්තා මළ සිරුර සොයා ගෙන ඇත.
මියගොස් ඇත්තේ කෑගල්ල හබුදුගල ප්‍රදේශයේ පදිංචිව සිටි සකුන්තලා වීරසිංහ (38) නැමැති කාන්තාවකි. මළ සිරුර අසළ තිබී රිවෝල්වරයක් ද සොයාගෙන ඇත. කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මියගිය පුද්ගලයා වසර ගණනාවක සිට මෙම පක්ෂ කාර්යාලයේ සේවය කර ඇති බවයි පොලිසිය පැවසුවේ. ඇය දිනපතා සිය නිවසේ සිට කාර්යාලයට පයින්ම පැමිණ ඇති බව පොලිසිය පවසයි.
මෙම මරණය සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහතා ඊයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඥාතීන්ට භාරදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය. සැකකරු ඊයේ සවස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.