පසුගියදා කෝප් කමිටුවේදී වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා නිර්මිත පරිගණක මෘදුකාංග පද්ධතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවන බව අනාවරණය විය.
රාජ්‍ය රෝහල්වල මේ වන විට පවතින්නාවූ දැඩි ඖෂධ හිඟය හා එම හිඟය මඟහරවා ගැනීමට රැගෙන ඇති ක්‍රියාමාර්ග හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) නියෝජනය කරන නිලධාරින් කෝප් කමිටුව අභිමුවට කැඳවා තිබූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් බොහෝ කරුණු හෙළිවී තිබෙනවා.
ඉහත සඳහන් වූ මෘදුකාංග පද්ධතිය නිර්මාණය කිරීම 2008 පටන්ගෙන ඇති අතර 2015 වසරේ සිට භාවිතයට ගත්තද මේ මොහොතේ එය අවශ්‍ය ලෙස ක්‍රියාත්මක නොවන බවත් කමිටුවේදී ඖෂධ සංස්ථා නිලධාරින් අනාවරණය කළා.
e-wis ආයතනයෙන් මෙම පද්ධතිය නිර්මාණය කර ඇති බවත් එය සැකසීම සඳහා රුපියල් මිලියන 644 ක් පමණ එම සමාගමකට ලබා දී ඇති බවත්, එහි නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් මිලියන 5ක් ඔවුන් වෙත ලබා දෙන අතර, මෙම පද්ධතිය වර්තමානයේදී අවශ්‍ය වී ඇති අන්දමට නිර්මාණය කිරීමට රුපියල් මිලියන 7000 ක් යන බවට ඇස්තමේන්තුවක්ද ඉදිරිපත් කර ඇති බවයි ඖෂධ නියාමන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
එහිදී අදහස් දැක්වූ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් රටේ තරුණ ප්‍රජාවගෙන් පොදු විවෘත ඉල්ලීමක් කරමින් සඳහන් කළේ, “මේ සඳහා මේ ආකාරයෙන් මිලියන 7000 ක් කිසිඳු ලෙසකින් නොයන බවත් වෛද්‍ය සැපයුම් කළමනාකරණය කිරීම සඳහා මෘදුකාංගයක් නිර්මාණය කිරීම සඳහා විවෘතව තමා ඕනෑම කෙනෙකුට ආරාධනා කරන බවත්”ය.