Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » එංගලන්ත ලයන්ස් ගෙන් අපේ සිංහ පැටවුන්ට පාඩමක්
Sports 10 Views

එංගලන්ත ලයන්ස් ගෙන් අපේ සිංහ පැටවුන්ට පාඩමක්

Buzzer EditorBy Buzzer EditorFebruary 1, 2023No Comments2 Mins Read10 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමග ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (31 වැනිදා) ආරම්භ වූ සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී එංගලන්ත ලයන්ස් කණ්ඩායම සිය නමට ගැළපෙන ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට වඩා ලකුණු113 ක් ඉදිරියෙන් සිටීමට සමත් වූයේය. ඒ අතර කඩුලු7ක් ද තවත් ඉතිරිව සිටි එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ දැවී ගොස් තිබුණේ කඩුලු 3ක් පමණි.

තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 136කට සීමා කිරීමට මැතිව් ෆිශර් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුනු කර දැමූ මැතිව් ෆිශර් ලකුණු 34 කට කඩුලු 5ක් දවා ගත් අතර ඔහුට අනගි සහායක් ලබාදුන් ලියාම් පැටර්සන් කඩුලු 3ක් දවා ගත්තේය.

නිපුන් ධනංජය ප්‍රමුඛ ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවන් මර්දනය කිරීමේ ක්‍රියාවලිය සඳහා එංගලන්ත පන්දු යවන්නන් වැය කර තිබුණේ පන්දු වාර 35යි පන්දු 4ක් පමණි. එංගලන්ත පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ ලකුණු 30 සීමාව ඉක්මවා යෑමට සමත් වුණේ අංක පහ පිතිකරු සධීර සමරවික්‍රම පමණි. ඔහු ලකුණු 43ක් ලබාගත් අතර ඊට හතරේ පහර 7ක් අන්තර්ගත වී තිබිණි. මැතිව් ෆිශර්ගේ පන්දුවක් හමුවේ ඔහුගේ ඉනිම ද නිමා වූ අතර අංක 8 පිතිකරු ලක්ශිත මනසිංහ ලකුණු 26ක් ලබා ගත්තේය.

ජාතික සුපර් ලීග් තරගාවලියේ ද්විත්ව ශතකයක් ලැබූ ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු මෙම තරගයේදී ලකුණු 21කට දැවී ගිය අතර නායක නිපුන් ධනංජයගේ ඉනිම ලකුණු 15කට සීමා විය. එංගලන්ත ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ආරම්භයක් ලබා ගත් ඇලෙක්ස් ලීස් සහ හසීබ් හමීඩ් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 125ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.

ලකුණු 56ක් ලබා සිටියදී ඇලෙක්ස් ලීස් ලසිත් ඇඹුල්දෙනියගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ඒ වන විට ලීස් මුහුණ දී තිබුණේ පන්දු 69කට පමණි. හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ලීස්ගේ ඉනිමට ඇතුළත් වූ අතර ඔහුගේ අනෙක් ආරම්භක පිතිකරු හසීබ් හමීඩ් ඊයේ දිනයේ දී එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේය.

හමීඩ් ලකුණු 81ක් ලබා එංගලන්ත ලයන්ස් ඉනිමේ දෙවන කඩුල්ල ලෙස සහන් ආරච්චිගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. අංක 3 පිතිකරු ටොම් හේන්ස් ද එංගලන්තය වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වූයේය. දිනය නිමා වන විට ඔහු නොදැවී ලකුණු 62ක් ද, ජෝශ් බෝහන්මන් නොදැවී ලකුණු 26ක් ද ලබා සිටියේය. (දිවයින)

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා ‘ඒ’ 136/10 ඕෂධ ප්‍රනාන්දු 21, නුවනිදු ප්‍රනාන්දු 17, නිපුන් ධනංජය 15, සධීර සමරවික්‍රම 43, ලක්ශිත මනසිංහ 26
පන්දු යැවීම – මැතිව් ෆිශර් 34-5, ලියාම් පැටර්සන් 51-3

එංගලන්ත ලයන්ස් 249/3 හසීබ් හමීඩ් 81, ඇලෙක්ස් ලීස් 56, ටොම් හේන්ස් නොදැවී 62
පන්දු යැවීම – ලසිත් ඇඹුල්දෙණිය 89/2 සහන් ආරච්චිගේ 22/1

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

featured pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleපුටින්ගෙන් ජොන්සන්ට තර්ජන
Next Article පළාත් පාලන මැතිවරණයේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.