ඉන්ධන බෙදා හැරීමේ අඩුපාඩු නිවැරදි කර ඇති බවත්, පසුගිය දින 4 තුළ අමතර තොග නිකුත් කර ඇති බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය මඟින් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,000ක් බෙදා හරින බවද ඔහු සඳහන් කරනවා.
බස් රථ සහ පාසල් සේවා සඳහා ඉන්ධන අවශ්‍යතා සපුරා ඇති බවද, තවත් පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 35,000ක් අද රාත්‍රියේ ගොඩබෑමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.