ඉන්ධන පිරවුම්හල්වලින් ඉවත් කළ යුද හමුදා ආරක්ෂාව නැවතත් ලබාදෙන මෙන් රජයෙන් ඉල්ලා සිටින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අද (31) පස්වරුවේ මාධ්‍යට පැවසීය.
ආරක්ෂාව ඉවත් කළේ කුමන හේතුවකටදැයි තමන් තවමත් නොදන්නා බවත් ඉන්ධන පිරවුම්හල්වලට අනියුක්ත කර තිබූ යුද හමුදා නිලධාරීන් නැවත ලබාදෙන්නේ නම් පිරවුම්හල්වල ආරක්ෂාව තහවුරු වන බවත් නාඔටුන්න මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.