ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරඟය ජය ගනිමින් සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ හොං කොං කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව ඉන්දියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 192 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී රෝහිට් ෂර්මා ලකුණු 21 ක්, විරාත් කෝලි ලකුණු 59 ක්, සූර්යකුමාර් නොදැවී ලකුණු 68 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොං කොං කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.
බාබර් හයට් ලකුණු 41 ක් ද, කින්චිට් ශාහ් ලකුණු 30 ක් ද රැස් කළ අතර පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් බුවනේෂ්වර් කුමාර්, අර්ෂ්දීප් සිං, රවීන්ද්‍ර ජඩේජා හා අවේශ් ඛාන් කඩුල්ල බැගින් බිද හෙලුවා.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම හොං කොං කණ්ඩායම පරදා ලකුණු 40 ක ජයක් වාර්තා කිරීමත් සමඟ ආසියානු කුසලානයේ සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වනවා.
තරඟයේ වීරයා බවට පත්වූයේ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සූර්යකුමාර්.