15 වන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද (27) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන අතර මෙවර තරඟාවලිය විස්සයි විස්ස තරඟ රටාවෙන් පැවැත්වීමට නියමිතයි.
තරඟාවලිය ආරම්භ කරමින් ප්‍රථම තරගය සඳහා ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අද රාත්‍රියේ ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 01ක් පමණක් පවත්වා ඇති අතර ඉන් ජය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.