කිසියම් කොට්ඨාශයක් උද්ඝෝෂණ සිදුකරන්නේ නම් එය ඉතාමත් සාමකාමීව සිදු කරන ලෙස ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) ඉල්ලා සිටී.
ප්රචණ්ඩත්වය කිසි විටෙක පිළිතුරක් නොවන බවත් සාමකාමී විරෝධතාකරුවන්ට තම විරෝධය දැක්වීම සඳහා ඉඩ සහ ආරක්ෂාව ලබා දෙන ලෙස හමුදාවට සහ පොලිසියට මතක් කර දෙන බවයි ඇය සඳහන් කරන්නේ.
සමාජ ව්‍යාකුලත්වය ශ්‍රී ලාංකිකයන්ට මේ මොහොතේ අවශ්‍ය ආර්ථිකය නිවැරදි කිරීමට හෝ දේශපාලන ස්ථාවරත්වය ගෙන නොඑන බවයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) නිකුත් කළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.