ඉන්ධන බෙදා හැරීම පිළිබඳව සමාලෝචනයකින් පසුව ඉදිරි දින 03 තුළදී අමතර ඉන්ධන තොග බෙදා හැරීම පිළිබඳව උපදෙස් ලබාදී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ගොඩබෑමේ ප්‍රමාදයන්, බෙදා හැරීමේ අඩුපාඩු සහ පිරවුම්හල් විසින් ඉන්ධන සඳහා මුදල් ගෙවීම් ප්‍රමාද වීම නිසා මේ වන විට දිගු පෝළිම් නිර්මාණය වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
නැවත ඇතිවෙමින් පවතින පෝළිම් ඉදිරි දින 02 තුළදී අවම වී යනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.