කොළඹ ගාලු මුවදොර පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයේ නිරත ක්‍රියාකාරීන් හය දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
ක්‍රියාකාරීන් හයදෙනාට විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්, කතෝලික පූජක ජීවන්ත පීරිස් පියතුමා, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ‘වෙනසකට තාරුණ්‍යය’ සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර සහ එරංග ගුණසේකර යන මහත්වරු ක්‍රියාකාරීන් අතර වෙති.
ජූනි මස 9 සහ 10 යන දිනවල කොළඹ කොටුවේ සහ තලංගම ප්‍රදේශයේ පැවති පෙළපාලිවලදී නොසන්සුන්කාරී සහ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් විරෝධතාකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ජුනි 17 වැනිදා පොලිසියට නියෝග කළේය.
පොලිස් දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට ප්‍රවේශය ලබා දෙන අතර, සෑම ත්‍රිරෝද රථයක්ම නිශ්චිත ඉන්ධන පිරවුම්හලකට වෙන් කරනු ලැබේ. ඒ අනුව ඩිපෝවලට හෝ ඉන්ධන පිරවුම්හල්වලට බස් රථ ලියාපදිංචි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයට ප්‍රවේශය ලබා දෙනු ඇත.
සාපරාධී බලහත්කාරය, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, නීති විරෝධී රැස්වීම්, තුවාල සිදුකිරීම, පොදු දේපළවලට අලාභ හානි සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සෞඛ්‍ය, කෘෂිකර්මය, ධීවර, සංචාරක, කර්මාන්ත සහ සේවා සපයන අංශ වැනි අනෙකුත් සේවාවන්ට තම අවශ්‍යතා ලියාපදිංචි කිරීමට සහ ඉන්ධන පිරවුම්හල්වල වාහන වෙන් කිරීමට පද්ධතියට ප්‍රවේශය ලබා දෙනු ඇත.