සාකච්ජා වූ කරුණු සාරාංශගතව;
- අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල හැකිතාක් පාලනය කිරීම.
- කෘෂිකාර්මික නිෂ්පාදන ග්‍රාමීය වෙළෙඳපොළෙන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් වෙතද බෙදාහැරීම.
- අසාධාරණ මිල ගණන් යටතේ වෙළඳාම් කිරීම.
භාණ්ඩ හිඟයක් ඇති නොවන පරිදි සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රමාණවත් ලෙස ගබඩා කර තබා ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
භාණ්ඩ හිඟයක් මවාපාමින් ඇතැම් ව්‍යාපාරිකයන් සංවිධානාත්මක ලෙස මිල ඉහළ දැමීමට දරන උත්සාහය මෙමගින් වැළැක්විය හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ අභියෝගවලට කඩිනම් විසඳුම් සෙවීම පිළිබඳ ඊයේ (02) කොළඹ ජනාධිපති මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීය.
තොග වෙළෙඳ පොළට බෙදාහරින කෘෂි නිෂ්පාදනවලින් කොටසක් ග්‍රාමීය වෙළෙඳ පොළට සෘජුවම ලබාදිය යුතු බවත් මෙමගින් ප්‍රවාහන වියදම අවම වන අතර ග්‍රාමීය පාරිභෝගිකයින්ට අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමට මෙන්ම ගොවීන්ට වැඩි මිලක් ලබාගැනීමට අවස්ථාව සැලසෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
පවතින තත්ත්වයෙන් ප්‍රයෝජන ගෙන අසාධාරණ මිල ගණන් යටතේ වෙළඳාම් කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.
සතොස සහ සමුපකාර අලෙවිසැල් දිවයින පුරා සක්‍රීයව පවත්වාගෙන යාම සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වෙළෙඳුන්ගේ අභිමතය පරිදි තීරණය කිරීමට ඉඩ නොදී පාලනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක, වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී. කොඩිකාර, සහ අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතන ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.