අද (13) පස්වරුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇ. එ. ජ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමඟ දුරකථන සංවාදයක නිරතව තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින සාකච්ඡාවල කාලීන තත්ත්වය අගමැතිවරයා එහිදී පැහැදිළි කර ඇති අතර ශ්‍රී ලංකාව හා ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බවද වැඩිදුරටත් පවසා සිටියේය.
ඇන්ටනි බ්ලින්කන් ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට සිය කැමැත්ත පලකළ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා අවසන් වූ පසු ශ්‍රී ලංකාවට ආයෝජන ප්‍රවර්ධනය කිරීම සදහා ද එකඟවී ඇති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරමින් කියා සිටියේ.