දඹුල්ල කියන්නේ ලංකාවේ ඓතිහාසිකවත් ආර්ථිකමය වශයෙනුත් විශාල වැදගත් කමක් ගන්නා ස්ථානයක්. මේ සැරසෙන්නේ ලෝක උරුමයක් ලෙස නම්ව ඇති දඹුලු රජමහ විහාරයේ තතු ඔබට කියන්නයි.
1991 වසරේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස දඹුලු රජමහ විහාරය නම් කර තිබෙනවා. ලෙන් විහාර අතර විශාලතම මෙන්ම වැදගත්ම ලෙන් විහාරය ලෙස සැලකෙන රංගිරි දඹුලු රජමහා විහාරයයි.
මහාවංශයේ ජම්බුකෝල යන නමින් හඳුන්වනු ලැබූ මෙම විහාරය ක්‍රිස්තු පූර්ව 103- 89 දක්වා කාලයේ රජ කළ වළගම්බා රජතුමන් විසින් ඉදිකර ඇති බවට විශ්වාස කෙරෙනවා. ක්‍රිස්තු පූර්ව පලවන ශතවර්ශයේදී වට්ටගාමිණි අභය හෙවත් වළගම්බා රජු කරවූ බවත් ක්‍රිස්තු පූර්ව පස්වන සියවස කාලයේදී භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කළ ස්ථානයක් බව දඹුල්ලේ ඇති ශිලා ලේඛන වල සඳහන් වෙනවා. මෙම විහාරයේ දියුණුවට අත දුන් රජෙකු ලෙස සැලකෙන්නේ පොළොන්නරුව එක්සේසත් කළ පළවන විජයබා රජතුමායි. ඉන්පසු මහනුවර යුගයේ සෙනරත් රජු හා කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ විශේෂ වරප්‍රසාද දඹුල්ලට හිමිවී තිබෙන බව සඳහන් වෙනවා.

ලෙන් පහකින් සමන්විත දැකුම්කළු රජමහ විහාරයේ බුද්ධ ප්‍රතිමා 150ක් පමණ අඹා තිබෙනවා. බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් හා ඉතිහාසයේ වැදගත් අවස්ථා දැක්වෙන සිතුවම් රාශියක් මෙහි දක්නට ලැබෙනවා. දඹුලු විහාරයේ පළමු ලෙන පළමු ලෙන රාජ විහාරය අඩි හතළිස් හතක් දිගින් යුක්තයි. පිරිනිවන් මංචකයේ වැඩ සිටින පිළිම වහන්සේ නමක් ඒ තුළ වැඩසිටිනවා. දෙවන ලෙන මහාරාජ විහාරය ලෙස හැදෙනවා. එහි ඇතුළු වන දොරටුවේ මකර තොරණක් මෙහි නිර්මාණය කර තිබෙනවා. අලුත් විහාරය ලෙස තුන් වන ලෙන් හඳුන්වන අතර එම සම්පූර්ණ ලෙන තුළ සිතුවම් දක්නට ලැබෙනවා. අලුත් විහාරය ලෙස තුන්වන විහාරය හඳුන්වන අතර සම්පූර්ණ ලෙන තුළම සිතුවම් දක්නට ලැබෙනවා. හතර වන ලෙන හඳුන්වන්නේ පශ්චිම විහාරය නමින්. එකම ප්‍රමාණයට අඹන ලද ප්‍රතිමා දහයක් පමණ මේ ලෙන තුළ දක්නට ලැබෙනවා. දෙවන අලූත් විහාරය නමින් හඳුන්වන්නේ පස්වැනි ලෙනයි. එය දඹුලු විහාරයේ ඇති කුඩාම ලෙන වෙනවා.

බුදුරදුන්ගේ පළමු ධර්ම දේශනය සත්සතිය මාර යුද්ධය දුටුගැමුණු එළාර යුද්ධය මහින්දාගමනය පිරි නිර්වාණය වැනි බිතුසිතුවම් රාශියකින් දඹුලු රජමහ විහාරය දැකුම්කලු වන අතර ලංකාවේ එකම ස්ථානයක වැඩිම සිතුවම් ප්‍රමාණයක් දැකිය හැකි එකම පූජනීය ස්ථානය ලෙස දඹුලු රජමහ විහාරය ලෝක ඉතිහාසයට එක් වෙනවා.
Buzzer.lk සහ Buzzer History සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.