මිනිස් සිරුරේ ශක්තිය නිපදවීමට අවශ්‍ය ඔක්සිජන් වාතයෙන් රුධිරයට උරා ගැනීමත් ම ක්‍රියාවලියේදී නිපදවෙන කාබන් ඩයොක්සයිඩ් නැවත රුධිරයෙන් වාතයට මුදා හැරීමත් ශ්වසන පද්ධතියේ කාර්යභාරය වේ. ජීවය පවත්වා ගැනීමට ඔක්සිජන් අත්‍යාවශ්‍ය වන අතර ජලය හෝ ආහාර නොමැතිව දින කීපයක් ගත කළ හැකි වුවත් ඔක්සිජන් නොමැතිව මිනිත්තු කිහිපයකට වඩා මිනිසෙකුට ජීවත් විය නොහැක.
පෙනහලු තුළින් උරාගන්නා ඔක්සිජන් රුධිරය මගින් විවිධ පද්ධති වල ඉන්ද්‍රියන් හා සෛල කරා ගෙන යනු ලබයි. පෙනහලු තුළට වාතය ඇතුළු කර ගැනීමේ ක්‍රියාවලිය ආශ්වාසය ලෙසත් නහලු තුලින් වාතය නැවත පරිසරයට මුදා හැරීමේ ක්‍රියාවලිය ප්‍රශ්වාසය ලෙසත් හැඳින්වේ. පුද්ගලයකුගේ ස්වසන පද්ධතිය තුළට නාසය, ග්‍රසනිකාව, පෙනහළු සහ ස්වාසනාලය යන අංග ඇතුළත් වේ. අප විසින් පුද්ගලයන් වශයෙන් අපගේ ශ්වසන පද්ධතියේ නිරෝගී භාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු වේ. පෙනහලු වල නිරෝගීභාවය පවත්වා ගැනීම සඳහා මෙන්ම ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමට ද නිතර ම ව්‍යායාමවල නිරතවීම වඩාත් අත්‍යවශ්‍ය වේ.

තවද දුම්, විෂ වායු, දූවිලි වැනි දෑ අඩංගු අපිරිසිදු වාතය පෙනහළු තුළට ඇතුළු වූ විට ලෙඩ රෝග ඇතිවේ. එම නිසා අවට පරිසරය, නිවස සහ නිදන කාමරය පිරිසිදුව තබා ගැනීම ඉතාමත් වැදගත්. අවශ්‍ය අවස්ථා වලදී ආරක්ෂාව සඳහා මුඛ හා නාස් ආවරණ පැළඳීම තුළින් ද ශ්වසන පද්ධතියට වන හානිය අවම කරගත හැකිවේ. නාසය මගින් වාතය පිරිසිදු කරන බැවින් මුඛයෙන් ආශ්වාස කිරීමෙන් වැළකී සිටීම වඩාත් වැදගත්වන අතර ශ්වසන රෝග වැළඳී ඇති පුද්ගලයන්ගෙන් ඈත් වී සිටිය යුතු අතර ඔබට ද ශ්වසන රෝග වැළඳී ඇති අවස්ථාවක් පුද්ගලයන් ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටීම වඩාත් සුදුසු වේ. තවද නාසය තුළට යම් යම් දේ දමා පිරිසුදු කිරීමෙන් ද වැළකී සිටිය යුතු වේ. මන්ද නාසය තුළ එම ද්‍රව්‍ය ඇනීමෙන් තුවාළ සීරීම් වැනි දෑ සිදුවිය හැකි බැවිනි. තවද දුම්පානයෙන් වැළකීම, දුම්බොන ස්ථානවල නොසිටීම හා ඒ පිලිබඳව දැනුවත් වීමද වඩාත් වැදගත් වේ. දුම් පානය ශ්වසන රෝග හා පෙනහළු පිළිකා ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන අතර දුම්බොන පුද්ගලයකු සිටින ස්ථානයක රැඳී සිටීමෙන් ඔබට ද දුම් සහිත වාතය ආශ්වාස වේ. ක්ෂය රෝගය වැනි භයානක ස්වසන රෝගවලින් ආරක්ෂාවීමට නම් බීසීජී වැනි එන්නත් නිසි කලට ශරීරයට ලබා දීමද කළ යුතු වේ. තවද පීනස ඇදුම වැනි අසාත්මිකතා තත්ත්ව ඇති පුද්ගලයන් එම තත්ව ඇති කරවන පරිසරයන්ගෙන් ඈත් වී සිටීම ද ස්වසන පද්ධතිය ආරක්ෂා කිරීමෙහිලා සිදුකරන දායකත්වයකි. (aayubo)
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Blog සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.