Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » සාගර රළ තරංග බලශක්‌ති උත්පාදනය.
Science & Tech 51 Views

සාගර රළ තරංග බලශක්‌ති උත්පාදනය.

Buzzer EditorBy Buzzer EditorJuly 6, 2022No Comments6 Mins Read51 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

බලශක්‌ති උත්පාදනය අද දැඩිලෙස කතාබහට ලක්‌ වන මාතෘකාවකි. හිමිදිරියේ අවදි වූනු වෙලාවේ පටන් රාත්‍රී නින්දට යන තෙක්‌ ම නිවසෙහි, කාර්යාලයෙහි, කඩ සාප්පුවල විදුලි බුබුළු දස දහස්‌ ගණනින් දැල්වෙනු දැකිය හැකිය. රූපවාහිනි, පරිගණක, වායු සමන යන්ත්‍ර ආදි විවිධ වූ යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක වන්නේ ද තරගයට මෙනි. රටෙහි දෛනිකව උත්පාදනය කෙරෙන බලශක්‌තිය මෙකී නො කී සියලු බලශක්‌ති අවශ්‍යතා වෙනුවෙන් මේ අන්දමින් යොදවන්නට ඇත්තටම ප්‍රමාණවත් ද?

මෙරට විදුලි උත්පාදන ධාරිතාවෙන් වැඩි කොටසකට වගකියනුයේ ගල් අගුරු බැව් මුලින් ම සඳහන් කළ යුතු කරුණකි. එය දෛනික ව නිපදවෙන විදුලියෙන් සියයට 60කට ආසන්න ය. මේ අතර මෙරට දෛනික විදුලි උත්පාදනයෙන් සියයට 25ක්‌ ම ලක්‌ෂපාන, රන්දෙනිගල, වික්‌ටෝරියා ආදී ජලාශයෙන් කේන්ද්‍ර කරගනිමින් සිදු වේ. එය අද වන විට පවතින්නේ උපරිම ධාරිතාවවෙහි බැවින් ජල විදුලියෙන් ඊට වැඩි දායකත්වයක්‌ අපේක්‌ෂා කළ නොහැකි ය.

පිටරටින් ආනයනය කරනු ලබන ෆොසිල ඉන්ධන ප්‍රභවය කොටගනිමින් කැලණිතිස්‌ස ඩීසල් තාප විදුලි බලාගාරය ද මෙරට විදුලි උත්පාදන ධාරිතාව කෙරෙහි යම් දායකත්වයක්‌ ලබා දෙයි. එහි ඩීසල් දහනයෙන් විදුලිය ඉපදවීම සිදු කරනු ලබයි.

එහෙත් ෆොසිල ඉන්ධන, ගල් අගුරු තාප විදුලි බලාගාරයන්හි ඉන්ධන දහනයේ දී සිදු වන CO2 විමෝචනය ගෝලීය උෂ්ණත්වය ඉහළ නැංවීම කෙරහි සෘජු ව ම බලපායි. තව ද පොසිල ඉන්ධන විදේශයන් ගෙන් ආනයනය කරන්නට සිදු වන හෙයින් ඒ සඳහා ඉහළ පිරිවැයක්‌ දරන්නට සිදු වේ. එබැවින් මහා පරිමාණයෙන් විදුලිය උත්පාදනයට එය ද එතරම් උචිත ප්‍රභවයක්‌ නො වනු ඇත.

අද වන විට පුනර්ජනනීය බලශක්‌තිය නැත හොත් යළි යළිත් ඉපදවිය හැකි බලශක්‌ති ප්‍රභවයන් ගෙන් ද ඉහළ විදුලි උත්පාදනයක්‌ සිදු කරන්නට ප්‍රයත්නයක්‌ දරමින් තිබේ. ඝර්ම කලාපීය, සූර්යාලෝකය විශාල වශයෙන් ලැබෙන්නා වූ රටක්‌ ලෙස ගැනෙන ශ්‍රී ලංකාව සූර්ය පැනල හරහා ද විදුලිය උත්පාදනය මෑතක සිට ආරම්භ කර ඇත. කෙසේ වෙතත් එය ප්‍රශස්‌ත අයුරින් සිදු කළ හැක්‌කේ දිවා කල පමණක්‌ වීම සූර්ය බලශක්‌තියේ අවාසියකි. තව ද විශාල ප්‍රදේශයක සූර්ය පැනල ස්‌ථාපිත කරන්නට අවශ්‍ය වන අතර ඒ සඳහා වන පිරිවැය ද තරමක්‌ අධික ය. සූර්ය පැනල හරහා වායුගෝලයට ශක්‌තිය පරාවර්තනය වීමක්‌ සිදු වන අතර එමගින් වායුගෝලීය උෂ්ණත්වය වැඩි වීමේ අවදානමක්‌ ද පවතී.

සුළඟ ද පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභවයක්‌ ලෙසින් මෙරට තුළ යොදාගැනේ. සුළං බලාගාර නිරිතදිග, ඊසානදිග මෝසම් පවතින විට දී ප්‍රශස්‌ත අයුරින් ක්‍රියාත්මක වන බැවින් සැම කාලයක ම ප්‍රශස්‌ත විදුලි ජනනයක්‌ අපේක්‌ෂා කළ නොහැකි ය.

මෙරට මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණය දැනටමත් ඇරඹී ඇත. එහෙත් ස්‌වාභාවික වායු නිධි හෝ තෙල් නිධි පිළිබඳව පැහැදිලි සලකුණක්‌ තවමත් සොයාගෙන නොමැත. මැද පෙරදිගින් ඛනිජ තෙල් ආනයනය ශ්‍රී ලංකාව වැනි රටකට දිගුකාලීනව දරන්නට හැකි බරපැනක්‌ වේ ද යන්න ප්‍රශ්නයකි.

මේ අනුව ගල් අගුරු, ෆොසිල ඉන්ධන, සුළං, සූර්ය ශක්‌තිය ආදියෙන් ඔබ්බට ගිය බලශක්‌ති ප්‍රභව ගැන සිතන්නට දැන් කාලය එළඹ ඇති බව පෙනෙයි.

වර්තමාන ලෝකය තුළ පුනර්ජනනීය බලශක්‌තියේ නවතම පෙරළිය නම් මුහුදු රළ ශක්‌ති ප්‍රභවයක්‌ ලෙස යොදාගනිමින් විදුලිය උත්පාදනය ය. මුහුද යනු මහා ශක්‌ති ප්‍රභවයකි. මුහුදු රළ, වඩදිය, බා දිය (උදම් රළ) මුහුද අභ්‍යන්තරයේ ඇති තරංග ප්‍රවාහ (Sea Current) යන සියල්ල විදුලි උත්පාදනයේ දී ප්‍රභවය කරගන්නට හැකි ය. අද වන විට ප්‍රචලිත වෙමින් පවත්නා මුහුදු රළ මගින් විදුලිය උත්පාදනය ගැන විමසා බලන්නට රුහුණ විශ්වවිද්‍යාලයයේ, හපුගල ඉංජිනේරු පීඨයේ, නිෂ්පාදන හා යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය චමින්ද කරුණාසේන මහතාගේ අදහස් ඉතා වටිනේය.

2009 වසරේ පටන් ම මුහුදු රළ හා සම්බන්ධ පර්යේෂණයන්හි නියෑළෙන ආචාර්ය කරුණාසේන මුහුදු රළ මගින් විදුලිය නිපදවිය හැකි නවමු ආකාරයේ කුඩා පරිමාණ (1-100W) පද්ධතියක්‌ හා සම්බන්ධ පර්යේෂණ කටයුතුවල මෑතක් වන තුරුත් යෙදී සිටියේය.

මුහුදු රළ, බලශක්‌ති ප්‍රභවයක්‌ ලෙස යොදාගැනීමේ වැදගත්කම ගැන කරුණාසේන මහතා මෙහිදී අදහස්‌ දැක්වීය. ඔහු පවසන ආකාරයට පුනර්ජනනීය බලශක්‌තීන් ගෙන් ඉහළ ම ශක්‌ති ඝනත්වයක්‌ මුහුදු රළෙහි ගැබ් ව තිබේ. මුහුදු රළ මීටරයක පළලක්‌ සලකන විට කිලෝවොට්‌ 10-20 අතර බලශක්‌තියක්‌ එහි ගැබ් ව ඇති බැව් සොයාගෙන තිබේ. ඒ අනුව මුහුදු රළෙහි ගැබ් ව ඇති ශක්‌තියෙන් විශාල විදුලි ප්‍රමාණයක්‌ නිපදවන්නට හැකි ය.

ගෝලීය ව සමස්‌ත මුහුදු රළ සතු ශක්‌තයෙන් ටෙරාවොට්‌ (Terra Watt) 2කට ආසන්න විදුලි ජනනයක්‌ සිදු කළ හැකි බව දැනට පර්යේෂණානුසාරයෙන් සොයාගෙන ඇත. එහෙත් අද වන විට ස්‌ථාපනය කර ඇති මුහුදු රළ භාවිතයෙන් ක්‍රියා කරවන බලාගාරයන්හි සමස්‌ත ගෝලීය ධාරිතාව මෙගාවොට්‌ හයකට ආසන්න ගණනක්‌ පමණි. (1 TW=106 MW). එනම් මුහුදු රළ ශක්‌තියෙන් විදුලිය උත්පාදනය කරන තවත් බලාගාර ස්‌ථාපනය කිරීමේ අවකාශ එමට ය.

මුහුදු රළින් විදුලිය උපදවන්නට යොදාගන්නා තාක්‌ෂණය

මුහුදු රළෙහි ගැබ් ව ඇති ශක්‌තිය උකහාගැනීමේ යාන්ත්‍රණය මුහුදු රළ ශක්‌ති පරිවර්නනයක්‌ ලෙස හඳුන්වනු ලබයි. මුහුදු තරංග ශක්‌ති පරිවර්තකය (Wave Energy Converter) නම් යන්ත්‍රයක්‌ මෙහි ලා උපයෝගි කරගනු ලැබේ. මුහුදු රළෙහි ශක්‌තිය මුහුදු තරංග ශක්‌ති පරිවර්තකයක්‌ හරහා විද්යුත් ශක්‌තිය බවට පරිවර්තනය කරනු ලැබේ.

මුහුදු තරංග ශක්‌ති පරිවර්තකයක කාර්යක්‌ෂමතාව මෙහි ලා ඉතා වැදගත් ය.

මුහුදු රළෙහි උස, එය පැමිණෙන වේගය, මුහුදු රළෙහි සංඛ්‍යාතය ආදිය එහි ශක්‌තිය රදා පවතින ප්‍රබල සාධකයන් වේ. මුහුදු රළෙහි ගැබ් ව ඇති ශක්‌තියෙන් සියයට 95ක පමණ ප්‍රතිශතයක්‌ මුහුදු රළෙහි මතුපිට ස්‌ථරයන්හි ගැබ් ව ඇත. එම කලාපය ජලය මතුපිට සිට ඇති ගැඹුරින් 1/4කට ආසන්න වපසරියක විහිදී පවතී.

මුහුදු රළ නිරන්තර විචලනයට ලක්‌ වේ. එහි තරංග ආයාම, සංඛ්‍යාත ආදිය වෙනස්‌වනසුලු ය. එය අඛණ්‌ඩ ක්‍රියාවලියක්‌ නො වේ. එවැනි විචලනය වන ශක්‌ති ප්‍රභවයක්‌ හරහා විචලනය නො වන විදුලි ධාරාවක්‌ නිපදවා ප්‍රධාන විදුලිබල ජාලයට ලබා දීම වැදගත් ය. වඩාත් කාර්යක්ෂම මුහුදු රළ ශක්‌ති පරිවර්තනයක්‌ වීමට නම් එම සාධකයන්හි වෙනස්‌වීම්වලට අනුගත වෙමින් විදුලිය උපදවන්නට හැකි විය යුතු ය.

ශක්‌ති පරිවර්තක යන්ත්‍ර මුහුදු රළෙහි ලවණතාවට හා ප්‍රබලතාවට ගැලපෙන අමුද්‍රව්‍යයකින් නිම විය යුතු අතර එමගින් කාලයත් සමඟ ඒවායේ යාන්ත්‍රික කොටස්‌වලට හානි සිදු වීම අවම වේ.

දස දෙසින් සයුරෙන් මායිම් වී ඇති ශ්‍රී ලංකාව තුළ මෙකී තාක්‌ෂණය තවමත් සැලකිය යුතු අයුරින් යොදා නො ගන්නේ මන්ද යන පැනයට පිළිතුරු දෙමින් ආචාර්ය කරුණාසේන පවසා සිටියේ තනි තනි පුද්ගලයන්, ආයතන පුරොගාමී වෙමින් මුහුදු රළෙහි ශක්‌තියෙන් විදුලිය උත්පාදනයෙහි ලා විවිධ වූ පර්යේෂණ සිදු කළ ද රජයේ හෝ පෞද්ගලික අංශයේ හෝ සැලකිය යුතු ප්‍රතිපත්තිමය දායකත්වයක්‌ හෝ අවධානයක්‌ ඒ සඳහා යොමු ව නොතිබීම ඊට බෙහෙවින් බලපා ඇති බව ය. හුදෙක්‌ තනි තනි වශයෙන් පුද්ගලයන් හෝ ආයතන හෝ හරහා මේ තාක්‌ෂණයට අදාළ ගවේෂණ කටයුතු සහ කුඩා පරිමාණයේ විද්‍යාගාර මට්‌ටමින් පර්යේෂණ, අත්හදාබැලීම් කෙරුණ ද ඒවා මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කරන්නට කිසිවකු තවමත් ඉදිරිපත් ව නැත.

තව ද තරගකාරී මිලකට විදුලිය උත්පාදනය කළ හැකි සේ මුහුදු රළින් විදුලිය මෙරට උත්පාදනය කළ හැකි මෙරටට උචිත තාක්‌ෂණයක් තවමත් සොයාගෙන නැත. එනම් පවත්නා තාක්‌ෂණික ක්‍රම යටතේ මෙවැන්නක්‌ ස්‌ථාපිත කරන්නට මහත් පිරිවැයක් දරන්නට සිදු වේ.

මුහුදු රළෙන් විදුලිය උත්පාදන ක්‍රියාවලියට දායක වන්නට ප්‍රමාණවත් තාක්‌ෂණ විශේෂඥයන් රට තුළින් ම සොයාගැනීමේ දුෂ්කරතාවක්‌ ද පවතියි. ඒ අනුව ශ්‍රම විශේෂඥයන් ආනයනයට තවත් මුදලක්‌ වැය කරන්නට සිදු වේ.

ගෝලීයව යොදාගන්නා තාක්‌ෂණයන් කෙරෙහි මෙරට එතරම් දැනුවත් වී නොමැති වීම ද ගැටලුවකි.

ශ්‍රී ලංකාවේ මුහුදු රළෙහි ස්‌වභාවයට ගැලපෙන ආකාරයේ මුහුදු තරංග ශක්‌ති පරිවර්තකයක්‌ තවමත් නිවැරැදිව හඳුනාගෙන නැති වීම තවත් අඩුපාඩුවකි. මෙරට මුහුදු රළෙහි ස්‌වභාවයට ගැළපෙන ආකාරයේ තරංග ශක්‌ති පරිවර්තකයක්‌ සොයාගැනීම සිදු කළ යුතු ය.

පසුවදන

වසර 2023 වන විට මෙරට විදුලි උත්පාදනයෙන් සියයට 30 කටත් එහා පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභවයන් හරහා සිදු කිරීමට ප්‍රයත්න දරන ශ්‍රී ලංකාව තුළ මුහුදු රළෙහි ගැබ් ව ඇති අතිමහත් ශක්‌තියෙන් බලශක්‌තිය උකහාගැනීමේ ඉහළ විභවයක්‌ පවතියි. වගකිවයුත්තන් ගේ අවධානය මෙහි ලා ප්‍රමාණවත් ව යොමු වන්නේ නම් එය දේශීය පර්යේෂණ ක්‌ෂේත්‍රය ද දිරිගැන්වීමක්‌ වනු ඇත.

featured pick picks science & tech
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleධම්මික පෙරේරාගෙන් අගමැතිට ඉල්ලීමක්
Next Article පෙට්‍රල් නෞකාවක් පැමිණෙන දිනය ගැන දැනුවත් කිරීමක්
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20269 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202609 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.