බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ Pathaan චිත්රපටය ලොව පුරා ප්රදර්ශනය කරමින් ඉන්දීය රුපියල් කෝටි 313 සීමාව පසු කර ඇත. ඊට අමතරව, ඉන්දීය සිනමා පටයක් ආරම්භක සතියේ වැඩිම ආදායමක් වාර්තා කළ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.
ඉන්දියාව තුළ ප්රදර්ශනය කරමින් Pathaan චිත්රපටය ඉන්දීය රුපියල් කෝටි 166 කට වඩා හිමි කරගෙන ඇතැයි ද පැවැසෙයි. ෂාරුක් ඛාන්ගේ සිනමා නිර්මාණයක් මෙසේ තිරගත වන්නේ 2018 වසරෙන් පසුව වීම ද විශේෂත්වයකි. දීපිකා පදුකෝන්, ජෝන් එබ්රහම් ද චිත්රපටයේ ප්රධාන චරිත නිරූපණය කරති.
Pathaan චිත්රපටය, ක්රියාදාම චිත්රපට අධ්යක්ෂවරයකු වන සිද්ධාර්ත් ආනන්ද්ගේ සිනමා නිර්මාණයකි. Pathaan චිත්රපටයේ විශේෂත්වය වන්නේ එය සිද්ධාර්ත් ආනන්ද් මීට පෙර නිර්මාණය කළ ක්රියාදාම චිත්රපට අතරට Pathaan ද ඇතුළත් වීමය.
සල්මාන් ඛාන් ද ෂාරුක් සමග Pathaan චිත්රපටයේ කෙටි දසුන් කීපයකට සම්බන්ධ වී සිටීම චිත්රපටයේ සාර්ථකත්වයට තවත් හේතුවකි. සල්මාන් ඛාන් Pathaan චිත්රපටයට එක් වී සිටින්නේ ඔහුගේ Tiger චිත්රපට මාලාවේ වීරයා ‘ටයිගර්’ ලෙසය. (ටයිම්ස් ඔෆ් ඉන්දියා)
Pathaan සිනමා ප්රචාරක පටිය පහතින්;
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.