Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, July 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » වාස්තුවේ සැබෑ තත්ත්වය හඳුනාගනිමු
Blog 9 Views

වාස්තුවේ සැබෑ තත්ත්වය හඳුනාගනිමු

Buzzer EditorBy Buzzer EditorSeptember 18, 2022No Comments6 Mins Read9 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

සැපවත් ජීවිතයක් ගත කිරීමට සුදුසු පරිසරය පවතින වාසස්ථානය වාස්තුව වශයෙන් හැඳින්වේ. එසේනම් එම සුදුසු පරිසරය කුමක්ද? එය සකස් විය යුත්තේ කෙසේද? එම පරිසරයේ අඩංගුවිය යුත්තේ මොනවාද? මේ ආදී ප්‍රශ්න වැලකට ඔබ සියලු දෙනා මැදිවේ. එනිසා මෙහි සැබෑ තත්ත්වය සොයා බලමු. විශේෂයෙන් මෙහිදී ඉහත කී ප්‍රශ්න යටතේ එම වාසස්ථානය සකස් විය යුත්තේ කෙසේද? යන්න සොයා බැලිය යුතුය.

කෙසේ නමුත් සමාජයේ ඕනෑම අයකුට යහතින් ජීවත්වීමට සුදුසු පරිදි වාසස්ථානය සකස් කිරීමට පළමුව ඒ අවට සුදුසු පරිසරයක් තිබීම නම් අනිවාර්ය දෙයකි. එය වාස්තුවේ සැබෑ තත්වයේ කොටසක් වන්නේය. ඊළඟ කොටස සුදුසු භූමි ප්‍රදේශයයි. නිවසක් ඉදිකරන භූමි ප්‍රදේශයේ අවට පරිසරය සම්බන්ධව බොහෝ විට නිවස හිමියාගේ සිතට ගැලපෙන ආකාරය අනුවම තිබුණත් ඒ තුළ ඔහු නොදන්නා අසුබ පිහිටීම් පරිසරයේ තිබිය හැක. පරිසරය ඉතාම සුබ යයි හැඟෙන ඉඩමක ඉදිරිපස විශාල පැරණි නුග ගසක් තිබීම නිසා ගතට, සිතට සිසිල් බවක් තිබීම නිසා සිතට වාල්වී එය තෝරා ගැනීමෙන් පසුවට සිදුවන්නේ අනර්ථයකි. නිවස සාදාගෙන යන අතර තුර එම නුග ගසට අරක්ගත් අදෘශ්‍යමාන බලවේග කෝපයට පත්වී පෙදරේරුවන්ට හා නිවස හිමියාට තුවාල පීඩා ඇති කිරීම අනිවාර්යයෙන් සිදුවේ. අද වන විට සමහර වාස්තු උපදේශකවරුන් මේවා බමුණු මත යයි කීවත් පැරණි වාස්තු පඬිතුමන්ලා මේවා පෙන්වාදී තිබේ. එසේ වුවද එම ඉඩමේ නැඟෙනහිර පැත්තේ නුග ගස තිබේ නම් එය සුබදායක බව දත යුතුය. කෙසේ නමුත් එවැනි පැරණි වෘක්ෂ කපා නොදැමිය යුතු බවද පවසා ඇත.

නිවසේ උතුරු දිගට දිවුල් ගසද, දකුණට අට්ටික්කා ගසද බටහිරට බෝ ගසද සුබදායක බව පැරණි වාස්තුවේ පෙන්වා ඇත. කෙසේ නමුත් නිවස ඉදිරිපස තැඹිලි, කුන්දිරා,ගොරක, කොට්ටන්

, මැංගුස්, රඹුටන් ආදී ගස් වර්ග තුළින් යම්කිසි අදෘශ්‍යමාන බලවේග නිවසට අසුබ බලපෑම් ගෙන් එන බව අත්දැකීමෙන් මා ලබා ඇත. පැරණි වාස්තුවේද මේවා අසුබ බව පෙන්වා ඇත. එසේම විෂ්ණු, ශිව ආදී දේවාලයන් ඉදිරිපස ඉඩම ඉතා අසුබ බවත් බෞද්ධ විහාරයක පිටුපස ඉඩමද අසුබ ගෙන දෙන බවද පෙන්වාදී ඇත. මෙහිදි බෞද්ධ ආගමික පැවැත්මෙන් සිටින අයකුට විහාරයක ඉදිරිපස ඉඩම නිවසක් සෑදීමට සුබදායක වන බව මාගේ විශ්වාසයයි. කෙසේ නමුත් මීට අමතරව ඉඩමේ පරිසරය ආශි‍්‍රතව කඳුහෙල් බෑවුම් විශාල පර්වත, සොහොන් කොත්, අපිරිසිදු ජලය ගලා යන කානු, අපද්‍රව්‍ය ගොඩගසන ස්ථාන, ඌරන්, කකුළු, ගව , එළු ආදී සත්ව කොටු, තුං මංසල,මස් මාළු, වෙළඳසැල් මේ ආදි අසුබ යයි හැඟෙන බොහෝ දේ වාස්තුවේ පෙන්වාදී ඇතත් අද වන විට සුදුසු ඉඩම් මිල අධිකවීම නිසා වාස්තුවට නොගැලපෙන මිල අඩු ඉඩම් කොටස් මිලදී ගෙන පසුව නිවස ඉදිකිරීමේදී අසුබ වාස්තු ගැටලුවලට මුහුණ දී අමාරුවේ වැටෙන බොහෝ අය සිටිති. ඉහත දක්වන ලද පාරිසරික වාස්තු දෝෂ බොහොමයක් පවතින එවැනි ඉඩම් මිල අඩුවෙන් ලබාගෙන වාස්තුව ගණන් නොගන්නා පුහුමත යයි සලකන අය මෙයට මුහුණ දෙති. මේ අනුව බොහෝ දෙනාට වාස්තුවේ සැබෑ තත්වය හඳුනා ගැනීමට අවස්ථාව උදාවේ. විශේෂයෙන් වාස්තුව නොපිළිගන්නා අය මෙම තත්ත්වයට මුහුණදී ධන හානිවී පසුව එම ඉඩම විකිනීමට වෙර දරන අය මා හට හමුවිය. එනිසා පැරණි පඬිවරුන්ගේ නුවණින් පෙන්වා දුන් එම වාස්තුමය සිද්ධාන්ත සමච්චලයට ලක් නොකළ යුතුය. නිවසක් ඉදිකිරීම සඳහා අවශ්‍ය ලී දඬු සඳහා පළමු ගස කැපීමේ වාස්තුමය චාරිත්‍ර හා ගස බිමට පතිතවීමෙන් පසු පවසා ඇති අනාවැකි ඇතුළුව නිවසට පදිංචි වීම දක්වා දී ඇති වාස්තුමය ශාස්ත්‍රීය නියමයන් අදටත් කිසිවකුට බොරු මිථ්‍යා මතයයි ගැරහීමට ඉඩක් නැත.

නිවසක ප්‍රධාන දොර හරි මැද හෝ දෙපස කොන් දෙකට යටලී පිරිද්දුමක් හෝ බාල්කයක්, පරාලයක් එක එල්ලේ ලම්බකව වැටීම විද්‍යාත්මකව පවසන්නේ උළුඅස්සට බරක් එල්ලවීම නිසා එය දුර්වල විය හැකි බවයි. නමුත් අඟල් 5 ක ලින්ටල් එකක් තිබීමෙන් එය වැළකේ. කෙසේ නමුත් ඒ ආකාරයට උළුඅස්සක් තිබීමෙන් නිවසේ ගෘහ මූලිකයාට තද බල රෝග, අගුණ විපත් එන බව පැරණි උගතුන්ගේ වාස්තු මතය නම් හරියට හරි. එයට අත්දැකීම් මා නිවාස පරික්ෂාවේදී දැක ඇත්තෙමි. එය බොරු කළ නොහැක. මේ ආදී වාස්තුවේ සැබෑ තත්ත්වය හඳුනා ගැනීමට බොහෝ සාධක ඇත.

කෙසේ නමුත් අද වන විට නිවසක් සෑදීමේදී පාරිසරික වශයෙන් පවතින අසුබ ලක්ෂණ භුමියේ පවතින විවිධ අසුබ හැඩතල හා පොළොවෙහි ස්වභාවය, නිවසේ නිර්මාණ දෝෂ, මුළුතැන් ගෙය, නානකාමර, වැසිකිළි මේවා අසුබ ස්ථාන ගත කිරීම්. වහලයේ නිර්මාණ දෝෂ, අසුබ පාද මඟහැර සුබපාද අනුව බිත්ති උළුඅහු, පඩිපෙළ සකස් කිරීම මේ ආදි නොයෙකුත් කරුණු සම්බන්ධව ලිපි ලේඛන තුළින් හා මාධ්‍යවලින් නිතර නිතර පුන පුනා පවසන අතර, මා මෙම ලිපියෙන් අදහස් කරන්නේ මෙම භාර ධූර අගනා පැරණි ශාස්ත්‍රයක් වූ වාස්තුවේ සැබෑ තත්ත්වය හඳුන්වා දීමටයි. මෙතෙක් මා විස්තර කළේ සැනසුම් ජීවිතයක් ගත කිරීම සඳහා සුදුසු නිවසක් ඉදිකිරීමේදී එම ඉඩම අවට පරිසරය ද යහපත් සිත ඇදී යන පරිසරයක් තිබිය යුතු බවය. විශේෂයෙන් අන්තරායකාරී බිහිසුණු ස්වභාවයක් අනිවාර්යයෙන්ම නොතිබිය යුතුය. වාස්තුවේ සැබෑ තත්වය එයයි. එසේ නොමැතිව නිවස ඉදිකිරීම පමණක් වාස්තුව නොවේ.

ඊළඟට නිවසක් ඉදිකරන භූමිය සම්බන්ධ පිහිටීම හා මතුපිට පවතින සංයුතිය වාස්තුවේ අතිශය වැදගත්ම කොටසක් වන්නේය.මෙහිදී ඉඩමේ හැඩය ,පස, ජලය, කළුගල්, කබොක්ගල් පිහිටා තිබේද මේ සියලු දේ වාස්තු පරීක්ෂණයට ලක්විය යුතුය. පැරණි වාස්තු පඬිවරුන් පෙන්වාදී ඇති පරිදි ඉඩමේ පිහිටීම රථ රෝද හැඩය, පොරෝ හැඩය, ත්‍රිකෝණ හැඩය, දෙකොන සිහින්වී මැද මහත, දුන්නක හැඩය මේ ආදි අසුබ හැඩ වාස්තු පරීක්ෂණයේදී බැලිය යුතුය. ආයත,හතරැස්, වෘත්තාකාර හැඩයක් ඉඩමක සුබදායක බව පැවසේ. සුබදායක වාසස්ථානයක් ඉදිකිරීමට එවැනි බිමක් ඉතා යහපත් බව පැරණි වාස්තුවේ පෙන්වාදී ඇත. පස සම්බන්ධව බැලීමේදී භූමියේ මතුපිටලා කළු පාට පස අඩියක් පමණ ගැඹුරට ද ඉන්පසු රතු පාට පස පවතී නම් සුබදායක වේ, ජල සම්පත සාරවත් භූමි කොටසක අනිවාර්යයෙන් තිබිය යුතුය. නිවැරදි වාස්තුවේ සැබෑ තත්ත්වය සනාථවන ප්‍රධාන සම්පතකි ඉඩමේ ජලය තිබීම, බොහෝ දෙනා වාස්තුව විවේචනය කළත් ජලය වාස්තුවේ කොටසක් බව නොදනී පස ද වාස්තුවේ කොටසකි. මඩ සහිත ගොහොරු ඉඩමක නිවසක් සෑදීමේදී අනවශ්‍ය ධන හානි සීමාවක් නැත. එනිසා වාසස්ථානය සාදන ඉඩමේ පස සම්බන්ධව විස්තර පැරණි උගතුන් විශේෂයෙන් පෙන්වාදී ඇත. ඉඩම පුරා වැඩි කොටසක කළු ගල හා කබොක්ගල් පැතිර තිබේනම් එය නිවසක් සෑදීමට බාධාවකි. නමුත් එය වාස්තුවේ ප්‍රධාන අවශ්‍යතාවයකි. ඒ අනුව එයයි වාස්තුවේ සැබෑ තත්ත්වය.

මා මෙතෙක් දැක්වූ කරුණු අනුව වාස්තුවේ සැබෑ තත්ත්වය ඔබට පැහැදිලි විය යුතුය. එය තවදුරටත් පැහැදිලිවීමට සත්ව ජීවිතයේ වාසස්ථාන ගැන ඔබ ටිකක් විමසිල්ලෙන් බලන්න. වඩු කුරුල්ලා නියම වාස්තු විද්‍යාඥයෙක්. ඒ සතා ගේ හදන්නේ ඉතා ආරක්ෂාකාරි අන්දමට ඉතා ශක්තිමත්ව අනතුරුවලින් වැළකෙන ආකාරයට ගසක අත්තක කෙළවර හදනවා. එහි දොරුව යටින් තබා කාමරය පැත්තකට තබා ක්‍රමානුකූලව සාදා තිබෙන්නේ. පිදුරු හා වැල්වර්ග ඒ සඳහා යොදා ගනී. කපුටා කෝටු කෑලිවලින් ගේ හදනවා. මයිනා. ගිරවා යන පක්ෂීන් ගස්වල සිදුරු සාදා එහි වාසය කරනවා. ඒ සඳහා කොට්ටෝරුවා කුරුල්ලාට උදව් කරනවා. ගසේ බෙනේ හාරා දෙනවා. අනෙක් සත්තුත් මේ ආකාරයෙන් ආරක්ෂාකාරීව ගේ හදනවා. නමුත් වේයා, කුහුඹුවා වැනි කුඩා කෘමීන් සාදන ගේ වතුරට තෙමි විනාශවී යනවා. වේයා මැටි දිය කර කර ගේ හදනවා. කුහුඹුවා පොළොවේ ගල් හාරා ගේ හදනවා. මෙහි කිසිම වාස්තුවක් නැහැ. අවසානයේදී විනාශ වී යනවා. අද වන විට වාස්තුවට නිග්‍රහ කරමින් සල්ලි තියනවනම් ගෙවල් හදන්න නැකැත් ඕනෑ ද? වාස්තුව ඕනෑද, ඕව බොරු , මිථ්‍යා අදහස්, මෙවැනි උදම් අනන මැටි මෝල් කථා කියමින් ගෙවල් හදන උද්ධච්ච උදවියට අවසානයේදී සිදුවන්නේ වේයාට කුහුඹුවාට සිදුවෙන දේ තමයි. එවැනි අයට සිදුවී තිබෙන දේවල් නිවාස වාස්තු පරීක්ෂණවලදී මා හට බොහෝ හමුවී තිබෙනවා.

ඒ නිසා මේවා තමයි වාස්තුවේ තිබෙන සැබෑ තත්ත්වය එය හඳුනාගෙන කටයුතු කළොත් හොඳයි.

ඡ්‍යොතිර්වේදී වාස්තු ලේඛක ජේ. ගුණපාල මහතාගේ සටහනක් ඇසුරිණි.

blog featured Lifestyle pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleජනපති ලන්ඩන් නුවරට ලඟා වේ
Next Article රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි කිහිපයක පත්වීම්
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.