රාජ්‍ය සේවකයින්ගේ හා විශ්‍රාමිකයින්ගේ මාසික වැටුප් ගෙවීමට සහ සමාජ සුබසාධනය පවත්වාගෙන යාමට රජයේ ආදායම ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසනවා.
අද (23) මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සඳහන් කළේ, වැටුප් ඇතුළු සමාජ සුබසාධනය පවත්වාගෙන යාමට රුපියල් බිලියන 154 ක් පමණ වැයවන බවයි.
රාජ්‍ය ආදායම ඇත්තේ රුපියල් බිලියන 145 ක් පමණක් බවත් ඉතිරි මුදල් සොයා ගැනීමට ණය ලබා ගැනීමට සිදුවන බවයි අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ.
මෙම රුපියල් බිලියන 154 සඳහා ණය පොලිය, ණය ගෙවීම් සහ අනෙකුත් වියදම් ඇතුළත් නොවන බවත් එවැනි දරුණු මට්ටමක මෙරට ආර්ථිකය ඇති බවත් ඒ හේතුවෙන් රාජ්‍ය මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ සිදුකළ බවයි අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.