ලෝක බැංකුවෙන් ආධාර මුදල් ලෙස ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 70 ක මුදලට අදාළ ගෙවීම් භාණ්ඩාගාරය වෙත ලබාදීම අද සිට ආරම්භ කළ බව ලිට්රෝ සමාගම පවසනවා.
ඒ අනුව රුපියල් බිලියන 6.5 ක් මුදලක් ඉදිරියේදී මහා භාණ්ඩාගාරය වෙත නැවත ගෙවීම සිදුකරන බවයි එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.
ලෝක බැංකුවෙන් ආධාර මුදල් ලෙස ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 70 ක මුදල ආසන්න වශයෙන් ශ්රී ලංකා රුපියල් බිලියන 26 ක් පමණ වන බවත් දෙසැම්බර් මාසය අවසන් වන විට එම මුදල ගෙවා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.