Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ලොවට අහිමි වූ ඉපැරණිම හා සුවිශේෂම නගර 7ක්
History 8 Views

ලොවට අහිමි වූ ඉපැරණිම හා සුවිශේෂම නගර 7ක්

Buzzer EditorBy Buzzer EditorNovember 1, 2022No Comments4 Mins Read8 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

නගරයක් කියන්නේ පුළුල්ව පැතිරුණු ප්‍රදේශයක්. කොයිතරම් විශාල නගර උනත් අතීතයේ තිබුණ සමහර දියුණු නගර අද වෙනකොට නගර විදිහට ලෝකයේ දකින්නවත් නෑ. සමහර නගර ස්වාභාවික හේතු මත ලෝකයට අහිමි වෙද්දී තවත් නගර කාලයේ වැලිතලාවෙන් අභිරහස් විදිහට වැහිලා තියෙනවා. තවත් නගර විවිධ යුද්ධ නිසා නැති වෙලා ගිහින්. අද අපි ඔබත් එක්ක තොරතුරු බෙදාගන්න යන්නේ ලෝකයට අහිමි වුණු නගර 7ක් ගැන.

1. ටිකල් – ගෝතමාලා

19 වැනි සියවසේ ගෝතමාලා වල වැසි වනාන්තරයක් තුළින් පෞරාණික නටබුන් කිහිපයක් මතු වෙනවා. එයින් එක් නටබුන් කොටසක් අඩි 47 ක් උසට සෑයක් වගේ හරි අපූරුවට උඩට නැගිලා තියෙන අයුරු දැකගන්න පුලුවන් වුණා. තැනින් තැන පුරාණ නටබුන් තිබ්බ හන්දා මේක ලෝකයට අහිමි වුණු නගරයක් කියලා ඉතිහාසඥයෝ තීරණය කරනවා. ඒ වගේම ඔවුන් මේ නගරයට නමක් දෙනවා “ටිකල්” කියලා. ඔය ලෝක විනාශය ගැන පෙරනිමිති කියපු මායාවරුන්ගේ ශිෂ්ටාචාරය ගැන කියවෙනකොට ගෝතමාලාවටත් වැදගත් තැනක් හිමි වෙනවා. ඉතිහාසඥයෝ අවසානයට තීරණය කරන්නේ ටිකල් කියන්නේ “පූර්ව කොලොම්බියානු මායා” ශිෂ්ටාචාරයට අයත් නගරයක් කියලයි. 1979 දී මේ නටබුන් බිම ලෝක උරුමයක් බවට පත් වෙනවා. මේ නගරය විනාශ වෙන්න නිශ්චිත හේතුවක් නම් හොයාගන්න හැකියාවක් ලැබිලා නැහැ. සමහරු කියන්නේ වසංගතයක් හෝ දුර්භික්ෂයක් නිසා මේ විනාශය සිද්ධ වෙන්න ඇති කියලයි.

2. පොම්පෙයි – ඉතාලිය

ඉතාලියේ පොම්පෙයි කියන්නේ ඉතාම සශ්‍රීක නගරයක්ව පැවතුණක්. ඒත් ක්‍රි.ව 79 වෙච්ච ගිණිකඳු විදාරණයකින් පොම්පෙයි නගරය සහමුලින්ම ලාවා වලින් වැහිලා යනවා. වැඩේ කියන්නේ ලාවා වලින් නගරයක් සහමුලින්ම වැසී යාම ගැන තියෙන එකම උදාහරණය තියෙන්නෙ පොම්පෙයි නගරය ගැන වීම. ගිනි කන්ද විදාරණය වෙද්දී නගරයේ සමහර අය එයින් බේරී ඈතට පලා ගියත් බොහෝ දෙනෙක් නගරයේ හිර වුණා. උණුසුම් ලාවා ගඟ ගැලුවේ ඒ අයවත් යට කරමින්. ඒ උනත් ලාවා සීතල වූ පසු ගල් ගැසෙන නිසා ජීවත්ව සිටි මිනිසුන් මියගිය ඉරියවුවෙන්ම ගල් වුණා. මෙවැනි ගල් වුණු මිනිසුන්ගේ සිරුරු විශාල ප්‍රමාණයක් මෑත කාලීන කැණීම් වලින් ගොඩගත්තා. පොම්පෙයිහි නටබුන් 1997 දී ලෝක උරුමයක් ලෙස නම් වුණා.

3. මොහෙන්ජොදාරෝ – ඉන්දියාව/පකිස්ථානය

මොහෙන්ජොදාරෝ නගරයට අයත් නටබුන් වැඩිපුර දකින්න ලැබෙන්නේ පකිස්ථානයේ වුණත් මෙය ඉතා විශාල ප්‍රදේශයක් පුරා පැතිර තිබූ බව කියවෙනවා. ඒ නිසා වර්තමාන ඉන්දියාවේද එහි කොටසක් තිබෙන්නට ඇතැයි කියායි සැලකෙන්නේ. ඉන්දු නදිය ආශ්‍රිත කරගෙන පිහිටා තිබූ බව කියන මේ නගරයේ නම මොහෙන්ජොදාරෝ ද කියලවත් තාම හරියට නිනවුවක් නෑ. සමහර ඉතිහාසඥයෝ නම් කියන්නේ මේ නගරයේ නම “කුක්කුටර්මා” කියලයි. කුකුලන් අතර සටන් වලට නගරය ප්‍රකටව තිබූ නිසා මේ නම වැටෙන්නට ඇතැයි ඔවුන් කියනවා. මේ නගරයේ නටබුන් නැවත සොයාගත්තේ 1920 වසරේදී. මේ නගරය නැති වුණේ කොහොමද කියන එක තවම අභිරහසක්. බොහෝ අය මත පළ කරන්නේ ඉන්දු ගංගාවේ ගමන වෙනස් වූ නිසා මේ නගරය ජන ශූන්‍ය වී යන්නට ඇති බවයි.

4. විජයනගර් – ඉන්දියාව

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයට අයත් බල්ලාරි දිස්ත්‍රික්කයේ වර්ග කිලෝමීටර් 650 ක් පමණ පුරාවට පැතිරී ගිය නටබුන් හමුවෙනවා. මේ නටබුන් එකිනෙකට සමානයි. ඒ වගේම එකම නගරයකට අයත් නටබුන් කියලා පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. 16 වන සියවස තෙක්ම ඉතා විරාජමානව නැගීසිටි විජයනගර කියන පුරාණ නගරයේ නටබුනුයි මෙලෙස දිස්වෙන්නේ. මොකක්ද මේ නගරයට වුණේ..? 1565 අවුරුද්දෙ “ටැලිකොටා” කියන ප්‍රසිද්ධ සටනින් විජයනගර් අධිරාජ්‍යය පරාජය වෙනවා මාස පහක දරුණු යුද්ධයකින් පස්සේ. ඔන්න ඔය යුද්ධයෙන් පස්සෙයි මේ නගරය ජන ශූන්‍ය වෙලා ගියා කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම මේ නගරයේ ගොඩනැගිලි ආදියටත් යුද්ධයෙන් දරුණු හානි වුණාලු.

5. අනි – තුර්කිය (Turkey)

අනි කියන්නෙ තුර්කියේ තියෙන පුරාවිද්‍යාත්මය ප්‍රදේශයක්. 5 වන සියවසේ ඉඳලා 17 වැනි ශතවර්ෂය වෙනකන් නම් සඳහන් වෙන ඉතිහාසයකට හිමිකම් කියන අනි නගරය මධ්‍යතන යුගයේ විරාජමානව තිබුණු නගරයක්. මේ නගරය ඒ කාලෙ හැඳින්වුවේ “දේවස්ථාන 1001 ක් ඇති නගරය – City of 1001 Churches” කියලයි. ඔටෝමන් අධිරාජ්‍යය විසින් අනි නගරය ඇතුළු තුර්කියේ බොහෝ නගර යටත් කරගත්තට පස්සේ ඔවුන් ඒවයෙ තිබූ ගොඩනැගිලි විනාශ කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිස්සු මේ නගරයෙන් ඈත් වෙනවා. නගරය ජන ශූන්‍ය වෙනවා. දැනටත් තැනින් තැනින් නටබුන් පිහිටා ඇති මේ ප්‍රදේශ වල මිනිස්සු ජීවත් වෙන්නේ නෑ. දකින්න ලැබෙන්නේ සංචාරකයින් සහ මග පෙන්වන්නෝ පමණයි. 2016 අවුරුද්දෙ UNESCO ආයතනය මේක ලෝක උරුමයක් ලෙස නම් කරනවා.

6. ග්‍රේට් සිම්බාබ්වේ – සිම්බාබ්වේ

කාලයක් සිම්බාබ්වේහි අගනුවර වෙලා තිබුණ, දැන් නටබුන් පමණක් ඉතුරු වෙලා තියෙන නගරයක් තමයි මේ. ක්‍රිස්තු වර්ෂ 11 වැනි සියවසේ ඉඳලා 15 වැනි සියවස දක්වා මේ නගරය පැවතුණා කියලයි කියවෙන්නේ. මේක දැනට ජන ශූන්‍ය නටබුන් භූමියක්. මෙය සිම්බාබ්වේහි ජාතික සම්පතක්. ඒ වගේම 1986 දී ලෝක උරුමයක් ලෙසත් මෙය නම් කෙරුණා. දීර්ඝ කාලීන ආර්ථික සහ සංස්කෘතිමය හේතු මේ නගරයේ ක්‍රියාකාරීත්වය නැති වෙන්න හේතු වෙන්න ඇති කියලයි මත පළ වෙන්නේ.

7. සීගිරිය – ශ්‍රී ලංකාව

රාජධානියක් විදිහට බිහිවුණ සීගිරිය කාශ්‍යප රජුගෙන් පස්සේ කිසිම රජ කෙනෙක් තමන්ගෙ රාජධානිය කරගත්තේ නැහැ. ගල උඩට නගරයට අවශ්‍ය නිසි ආලෝකය, මාර්ග පහසුකම්, ජල පහසුකම් සපයගෙන නිර්මාණය කරපු මේ නගරය දැන් සංචාරක කේන්ද්‍රස්ථානයක් විදිහට විතරයි භාවිත වෙන්නේ. ඒ කාලේ හෙළයන්ගේ තාක්ෂණය ගැන කතා කරද්දී සීගිරිය සුවිශේෂීම තැනක් බව අපට අමතක කරන්න බැහැ. සීගිරිය ලෝකයම පිළිගන්න උරුමයක් බවට UNESCO ව විසින් 1982 දී නම් කරනවා.

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් තවත් වගේ නගර තියෙනවනම් පහතින් කමෙන්ටුවක් දාන්නත්‍ අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer History සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.

featured history pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleදවසේ කාලගුණ අනාවැකිය (නොවැම්බර් 01)
Next Article ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු අද සිට සංශෝධනය වේ
Buzzer Editor
  • Facebook

Related Posts

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 22, 20262 Views

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

By Buzzer EditorialJuly 22, 202602 Views

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ…

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.