26,000කට වඩා වැඩි ගුරුවරු පිරිසක් බඳවා ගැනීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඒ අනුව දැනට රාජ්‍ය සේවයේ තුළ සිටින අයගෙන් එම බඳවා ගැනීම් සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.