මේ ලිපිය හරහා බලාපොරොත්තු වෙන්නේ රුසියාවේ මොස්කව් අගනගරය පිළිබඳ තොරතුරු රැසක් ඔබට ඉදිරිපත් කිරීමට. රුසියාව කියන්නේ ලොව විශාලතම රටයි. ලෝක භූමි ප්‍රමාණයෙන් රැසියාව අත්පත් කරගෙන තියෙන්නේ 10% ක ප්‍රමාණයක්. මොස්කව් නගරයේ විශාලත්වය නිසාම එය සංචාරයත් තරමක් දුෂ්කර වෙනවා. ඉතා විශාල නගරයක් වන මෙය ඉතාම දර්ශනීයයි. තෘප්තිමත් මානසිකත්වයක් ලබාදෙන මෙම සංචාරය ශාරීරිකව නම් දැඩි වෙහෙසකර කාර්යයක් වෙනවා. ඒ නැරඹිය යුතු හා අධ්‍යයනය කළ යුතු දෑ බොහෝ පවතින නිසයි. සංචාරකයෙකු රතු චතුරශ්‍රය හෝ ක්‍රෙම්ලිනය නැරඹූ පමණින් නගරය පිළිබඳ පූර්ණ චිත්‍රයක් මනසේ මවා ගැනීම අපහසු වෙනවා මන්ද ඒ සඳහා නගර වැසියන් සමඟ සම්මුඛ වීමත් කළ යුතු වෙනවා. වෙනත් වචනයකින් කිවහොත් මාර්ගඋපදේශනයකින් තොරව ලැබිය හැකි වනුයේ අසම්පූර්ණ සංචාරක අත්දැකීමක් පමණයි.
මොස්කව් නගරය තුල භාවිතා කරන නිල රාජ භාෂාව රුසියන් භාෂාව වන අතර එය නගරවැසියන් බහුතරයකගේ කථන භාෂාවයි. ඒ වගේම භාෂා දෙකක් භාවිතා කරන සියයට අසූවක් පමණ පිරිසකගේ දෙවන බස වන්නේ ඉංග්‍රීසි. රුසියාවේ අන් කවර ප්‍රදේශයටත් වඩා ඉංග්‍රීසි කතාබහ කෙරෙනුයේ මොස්කව් නගරය තුළයි. රුසියාව තුළ විවිධ ජාතීන් සහ ආගමිකයින් වෙසෙන නිසා බොහෝ භාෂාවන් යොදා ගන්නවා. නගරය තුළ ගනුදෙනු සඳහා භාවිතා වන්නේ රුසියානු රූබලයයි. එහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් 2.88 (අගයන් වෙනස් විය හැක) පමණ වෙනවා.

අසාමාන්‍ය අධ්‍යාපන ගමනාන්තයක් ලෙස මොස්කව් නගරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. විශේෂයෙන්ම පශ්චාත් උපාධි පාඨමාලා සඳහා මොස්කව් සුදුසු වන්නේ කරුණු කිහිපයක් නිසයි. ඒ අධ්‍යාපනයට හා ව්‍යවසාය ඉගෙනුම ලැබිය හැකි ජාත්‍යන්තර අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් නිසා වගේම එය පැරණි ලෝකයේ දැනුම හා වර්තමානය සම්මිශ්‍රණය කරනවා. ඉගෙනීමට අමතරව දියුණු ගමනාන්තය තුලින් පහසුවෙන් වැදගත් සංචාරක ස්ථාන දැකබලා ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙහි දරාගත නොහැකි මුදලකට අධ්‍යාපනය ලබාගත යුතු වන්නේ නැහැ. අනෙක් සෑම තැනකම මෙන්ම මෙහි ඇත්තේද ලෝක දෙකක සම්මිශ්‍රණයක්. යුරෝපය සහ ආසියාව ප්රජාතන්ත්රවාදය සහ කොමියුනිස්ට්වාදය දුක සතුට සෞභාග්‍යය සහ දිලිඳු බව ඊට උදාහරණ වෙනවා. රුසියානු දේශපාලනය බලයේ ඕතඩොක්ස් පල්ලියේ කේන්ද්‍රස්ථානය වූ ක්‍රෙම්ලිනය මොස්කව් පමණක් නොව මුළු රුසියාවේම සාරය බවට සැලකිය හැකි.
මොස්කව් ගංගාවේ උතුරු ඉවුරේ ඇති බෝවිට්ස්කි කන්ද ආවරණය කරමින් කිලෝමීටර 2.25 ක දිග බිත්තිවලින් මෙය වට වී තිබෙනවා. වටකුරු ගල් සහිත මීටර් 400×300 ක වර්ග ප්‍රමාණයකින් යුතු රතු චතුරශ්‍රය ක්‍රෙම්ලිනය ඊසානදිග තාප්පයට පිටතින් පිහිටා ඇති මොස්කව් නගරයේ වැදගත් ස්ථානයක් ලෙස සැලකෙනවා. 1920 දී පෙරටුගාමී කලාකරුවකු වන කොන්ස්ටන්ටින් මෙල්නිකෝව් විසින් මෙම සංස්කෘතිකමය සහ විවේකාත්මක වටිනාකමක් ඇති මැක්සිම් ගෝර්කිගේ මධ්‍යම උද්‍යානය නිර්මාණය කලා. එය කොමියුනිස්ට් මනෝභාවය මෙන්ම රුසියානු බුද්ධි පරිවර්තනය හොඳින්ම පිළිඹිබු වෙනවා. මොස්කව් නගරය තුළ රාත්‍රී ජීවිතයේදී වඩාත්ම ආදරණීය විනෝදාස්වාදයක් ලබාදෙන විකල්ප අවස්ථාවක් ලෙස හඳුන් විය හැක්කේ බොල්ෂෝයි රඟහලයි. (aayubo)
එසේ නම්, මෙම ලිපිය බෙදාගැනීමේදී ඔබේ අදහස් පහල අදහස් දැක්වීමේ කොටසෙහි පළ කිරීමට අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර දැනගන්න.