මොනවද මේ කිඩාරම්?
එසේනම් අද අප සූදානම් වන්නේ දුර්ලභ ගණයට අයත් ශාකයක් වන කිඩාරම් ශාකයේ ඇති ගුණ සහ අගුණ පිළිබඳව ඔබට වැදගත් තොරතුරු කිහිපයක් ලබා දීමටයි. කිඩාරම් ශාකය බොහෝ දෙනා විසින් දැන හදුනන්නේ එහි වූ විශාල පුෂ්පය මගිනි.
මෙම ශාකය කන්ද, දුර්ණාමාරි, සර්පනාල, ගජපද, බහුකන්ද, කණ්ඩුල යන නම්වලින් ද හදුන්වනු ලැබේ.
කිඩාරම් මල

Elephant foot yam flower, Stink Lily යන නම් වලින් හැඳින්වෙන මෙම මලෙහි සුන්දරත්වය ස්වභාදහමේ තවත් අපූරු නිර්මාණයක් ලෙස සදහන් කරන්නට පුළුවනි.
ඉතාමත් කලාතුරකින් දක්නට ලැබෙන මෙම මල තද දම් පැහැයක් ගන්නා අතර මෙහි විශාලත්වය 45cm – 50cm පමණ වේ.
සාමාන්‍යය මලකින් හමන සුවදක් වෙනුවෙට කිඩාරම් මල කුණු වූ මස්වලින් හමන ගන්ධයට සමාන ගන්ධයකින් යුක්ත නිසා මෙම මල එතරම් ප්‍රිය නොවුනත් මෙහි පැහැය හා අලංකාර පිහිටීම නිසා බොහෝ අය මෙම පුෂපය කෙරෙහි දැඩි ආකර්ෂණයක් දක්වයි.
මෙම ගන්ධය හමායන්නේ මෙම මලෙහි කේතුවක් වැනි කොටසට යටින් ඇති පුෂ්ප මංජරිය පෙති දිගහැරී විවෘත වූ පසුවයි. මෙම ගන්ධයට ඇදී එන කෝදුරුවන් මගින් පරාගණය මෙහි පරාගණය සිදුවෙයි.
කිඩාරම් අල

විද්‍යාත්මක නාමය – Amorphophallus Paeonifolius
අතීතයේ සිටම කිඩාරම් අල ඖෂධයක් ලෙස භාවිතා ගන්නා බව දේශීය වෛද්‍ය ග්‍රන්ථවල සදහන් වේ.
එම ග්රන්ථ වල කීඩාරම් අඩංගු ඖෂධ සංයෝග බහුලව දක්නට තිබේ.
දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව මෙම අලයේ න්‍යාය ලෙස උෂ්ණයෙන් උෂ්ණය නසනවා යනුවෙන් සඳහන් කොට තිබේ.
කිඩාරම් අල ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම පාහේ වගා කරනු ලැබේ. ඊට අමතරව ශ්‍රී ලංකාව හා පැපුවා නිව්ගිනියාව සොලමන් දූපත් වල ව්‍යාප්තව පවතී.
ලංකාවේ පහත් බිම් වල හා මධ්‍යම පළාතේ හා පහතරට තෙත් කලාපයේ දක්නට ඇති අතර යාපනය දිස්ත්‍රික්කයේ ඉතාමත් බහුල ලෙස කිඩාරම් අල වගාව සිදු කරනු ලැබේ.
කිඩාරම් අල වර්ග දෙකකට බෙදිය හැකියි.
කෑමට ගන්නා කිඩාරම් අල සහ කෑමට නොගන්නා කිඩාරම් අල වර්ග යනුවෙනි.
එහිදී කෑමට ගන්නා අල වර්ගය සුදු කිඩාරම් ලෙස හදුන්වා දිය හැකිය.
මීට අමතරව කිඩාරම් අල
01. වල් කීඩාරම්
02. ගම් කීඩාරම්
ලෙසද කොටස් දෙකකි.
වල් කිඩාරම් ඖෂධ සඳහා පමණක් මිස ආහාරයට නොගන්නා අතර ගම් කීඩාරම්, කෘෂි කර්මාන්තයක් ලෙස වගා කරනු ලබයි. ආහාරයට ගත හැකි අල වර්ගයකි.
කිඩාරම් අලයේ පෙනුම පිළිබඳ සඳහන් කිරීමේදී තද දුඹුරු පාට පිටත පෘෂ්ඨයේ ඉන්නන් සේ පිහිටි කුණුවී හැලී ගිය මුල්වල කැළැල් ඇත. එය පැතලි ගෝලාකාර හැඩයක් ගන්නා අතර තුනී පොත්ත පහසුවෙන් ගැලවී යයි. මාංසල කහ පැහැති වේ.
මෙම අලය බහුලව සර්ප විෂ සඳහා යොදා ගනු ලැබේ.
ඖෂධීය ගුණ
- අර්ශස් , බගන්දරා , අර්තවදෝශ, ගුල්ම වැනි රෝග සඳහා සුදුසු වේ.
- ශරීරයේ අධික උෂ්ණත්වය මෙමගින් අඩු කරගත හැකියි.
- කුෂ්ඨ නසයි.
- තෙල් සඳහා ද කීඩාරම් අල ආලේප වශයෙන් යොදාගනී.
- බඩගින්න ඇති කරයි.
- පණු රෝග නසයි.
අගුණ
- කුඩා දරුවන්ට සුදුසු නොවෙයි.
- කිඩාරම් අල තම්බා ආහාරයට ගැනීම ගර්භනී කාන්තාවට සුදුසු නොවන බවට ගැමියන් අතර විශ්වාසයක් පවතී.
- උෂ්ණ ගුණ නිසා රත් පිත් රෝගීන්ට යෙදීම එතරම් දායක නොවේ.
- අධික ලෙස ආහාරයට ගැනීම සුදුසු නොවන අතර එමගින් බඩ පිපුම ඇති වේ.
මීට අමතරව ආහාරය සදහා කිඩාරම් අල යොදා ගැනීමේදී බොහෝ විට කිඩාරම් අල ව්‍යංජනයක් ලෙස ද සකසා ගනී. (manthrana වෙබ් අඩවියෙන්)
ඉඹුල්ඉහ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ පාරම්පරික සර්වාංග හා ගෙඩි වණ (විශේෂ) වෛද්‍ය ඩී. එල්. කේ. බී. විජේසිංහ මහතාගේ සටහනක් ඇසුරිණි.
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.
මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්රවෘත්ති අංශයට පිවිසෙන්න.