දවස අලුත් වන රූපලාවණ්‍ය ක්ෂේත්රයේ අලුත්ම රැල්ල තමයි හයිඩ්‍රාෆේෂල් (HydraFacial) කියන්නේ. හයිඩ්‍රාෆේෂල් කියන්නේ පළපුරුදු සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ අනුදැනුම යටතේ විශේෂඥවරයෙකු ලවාම සිදුකර ගත යුතු පියවර හතරකින් යුත් සත්කාරයක්. ඒ පිළිබඳ වැඩිදුර සටහනක් මෙම ලිපිය හරහා දැනුවත් යන්නයි මේ සූදානම.
ඉහත සඳහන් කළ පරිදි හයිඩ්‍රාෆේෂල් (HydraFacial) පියවර හතරකින් සමන්විත වෙනවා. ඒ අධි පිරිසිදු කිරීම එහෙමත් නැත්නම් ක්ලෙන්සර් කිරීම ගැඹුරින් පිරිසුදු කිරීම එක්ස්ෆෝලියේට් උකහා ඉවත් කිරීම එහෙමත් නැත්නම් එක්ස්ට්රෑක්ටි හා සමට පෝෂණීය සීරම් වලින් තෙතමනය ලබා දීම යන අදියරයන්.
මෙහි පළමු පියවරේදී සිදු වන්නේ සම මතුපිට බැඳී තිබෙන මියගිය සෛල හා සීරම ඉවත් කරමින් සම අධි පිරිසිදු කිරීමකට ලක් කිරීමයි. මින් සමේ කාවැදුනු තෙල් කුණු දුහුවිලි ඉවත් කරයි හයිඩ්රාපීල් ටිප් උපකරණයෙන් සමේ ඇතුළු ස්ථාන වලට ගිලී ගිය බ්ලැක් හෙඩ්ස් සහ වෙනත් අපවිත්‍ර කාරක රික්තක ක්‍රමයට ඉවත් කිරීමක් ඉන්පසුව සිදු කෙරෙනවා. පෝෂණීය සීරම් වර්ග හයිඩ්රාපීල් ටිප් උපකාරයෙන් සමේ කූප වලට එන්නත් කිරීම සිදු වන්නේ මේ සංකීර්ණ පවිත්‍රතා ක්‍රියාවලියෙන් පසුවයි.
ඇත්තටම මේ සත්කාරයෙන් සමට ලැබෙන ප්රතිලාභ අතිවිශාලයි. මෙමගින් හොඳ තෙතමනයක් සහිත පිරිපුන් දීප්තිමත් පැහැදිලි සමක් ලබා දෙන අතරම සම රැලි වැටීම වියපත් වීමේ ලකුණු පාලනය කරන්නත් මෙය උපකාරි වෙනවා. සම එල්ලා වැටෙන්න ඉඩ නොදී මනාව පවත්වාගෙන යන්නත් ලප පැල්ලම් ඇතිවීම ඇතිවීම පාලනය කිරීමටත් හයිඩ්‍රාෆේෂල් ඉතාම හොඳ චිකිත්සාවක්.
හොඳම ආරංචි තමයි අනෙක් රූපලාවණ්‍ය චිකිත්සාවන්ට සාපේක්ෂව හයිඩ්‍රාෆේෂල් (HydraFacial) චිකිත්සාවෙන් ඇතිවෙන්න පුළුවන් අතුරු ආබාධ ඉතාම අවම වීම. මේ සත්කාරය මෙතරම් ජාත්‍යන්තරය ජනප්‍රිය වෙන්නත් ලොකුම රහස තමයි ඒ. හයිඩ්‍රාෆේෂල් සත්කාරයෙන් පැය දෙක තුනක් පමණ ගත වෙනකම් මුහුණ රතු පැහැ වීම තමයි සිදු වන ලොකුම අතුරු ආබාධය. නමුත් මේ තත්වය ඉක්මනින් පහව යනවා. මේ චිකිත්සාවෙන් ලබපු ප්රතිලාභ උපරිමයෙන් සමට උරා ගන්න ඉඩ දෙන්න නම් චිකිත්සාවට ලක්වූ දින කිසිම ආලේපනයකින් තොරව සම නිදහස තබා ගැනීම වැදගත් වෙනවා.
වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට මේ චිකිත්සාව අත්හදා බලන්න පුලුවන්. ඒ වගේම තමයි කුරුලෑ ලප කැළැල් රැලි වැටීම් හිරු එළියට ඇතිවුණු පිලිස්සීම් වගේ ඕනෑම තත්වයකින් යුතු සමකට කිසිම බාධාවකින් තොරව හයිඩ්‍රාෆේෂල් සත්කාර ලබා ගත හැකි නමුත් සමේ දද කුෂ්ඨ කබර වගේ තියෙන අයට නම් මේක එතරම් සුදුසු වෙන්නේ නැහැ. (aayubo)
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.
මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්රවෘත්ති අංශයට පිවිසෙන්න.