අමාත්‍යවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයින් නිල කටයුතු සඳහා විදේශ ගතවීමේදී මෙතෙක් ලබා දුන් සියලු දීමනා කප්පාදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රජයේ අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් සහ සභාපතිවරුන්,මහා නගර සභා පුරපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට දුන් දීමනා මෙලෙස කප්පාදු කෙරෙනු ඇත.
මෙම වියදම් කප්පාදු කිරීමේ තීරණය මාර්තු විසි වැනි දා සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. (ලංකාදීප)
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.