දැනට ලෝකයේ ඇති ප්‍රධානතම පැතලි පෘථිවි න්‍යායන් (flat-earther theory) එකක් වන්නේ, පෘතුවිය යනු තැටියක් බවත් එහි මධ්‍යයේ ආක්ටික් වෘතය සහ එහි ගැට්ටේ ඇන්ටාක්ටිකාව නම් වූ අඩි 150 ක් උස අයිස් තාප්පය ඇති බවයි. තවදුරටත් ඔවුන් පවසන්නේ, මිනිසුන් මේ අයිස් තාප්පය තරණය කොට පෘතුවියේ ගැට්ටෙන් එහා පැත්තට වැටීම වලක්වා ගැනීම සදහා, නාසා ආයතනයේ සේවකයින් විසින් ඇන්ටාක්ටිකාව ආරක්ෂා කරන බවයි.

ඔවුන් පෘතුවියේ දිවා-රෑ චක්‍රය පැහැදිලි කරන්නේ: ඉර සහ සද යනු සැතපුම් 32 එකිනෙකාට දුරින් පිහිටි ගෝල දෙකක් බවත්, ඒවා පෘතුවි තැටියට සැතපුම් 3000ක් ඉහලින් වෘතාකාරව ගමන් ගන්න බවයි. තරු පිහිටා ඇත්තේ පෘතුවියට සැතපුම් 3100ක් ඉහලින් බවත්, මේවා ස්පොට් ලයිට් මෙන් දවසේ පය 24 පුරා පෘතුවියේ විවිද ස්ථාන ආලෝකමත් කරන බවත් මේ flat-earthers ලා විශ්වාස කරයි. ඒවගේම, චන්ද්‍රග්‍රහණ වලදී චන්ද්‍රයාව ආවරණය කරන, තවත් අදෘශ්‍යමාන චන්ද්‍රයෙක් අහසේ ඇති බවත් මොවුන් වැඩිදුරටත් විශ්වාස කරයි.
තවද, පෘථිවියේ ගුරුත්වාකර්ෂණය මිත්‍යාවක් බව ඔවුන් පවසයි. වස්තුන්, ගුරුත්වාකර්ෂණය යටතේ පහලට ත්වරණය නොවන අතර, පෘතුවි තැටිය තත්පර වර්ගයට මීටර් 9.8 ක (9.8m/s2) ත්වරණයකින්, අඳුරු ශක්තිය(Dark Energy) නම් අද්භූත බලවේගය විසින් ඉහලට මෙහෙයවනු ලබන බවයි. වර්තමානයේ flat-earthers ලා අතර, පෘතුවි තැටිය නොනවත්වා ත්වරණය වී ආලෝකයේ වේගයද ඉක්මවා යාම පිලිබදව, අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා වාදය මගින් පැහැදිලි කරන්නේද නැද්ද යන්න පිලිබදව මතබේද පවතී.

තවදුරත්: flat-earthers ලා විශ්වාස කරන්නේ පෘතුවියේ ගෝලාකාර හැඩය නිරුපනය වන චායාරුප, photoshop වලින් edit කල ඒවා බවයි. තවද ගුවන් යානා නියමුවන් පෘතුවි තැටියට ඉහළින් වෘතාකාර මාර්ගවල පියාසර කරන විට, ගෝලයක් වටා පියාසර කරන බව හැගවීමට, GPS උපකරණ සවි කර ඇත.
පෘථිවියේ සත්‍ය හැඩය ලෝක රජයන් විසින් සඟවා තැබීමට හේතුව තහවුරු වී නැති නමුත්, සමහරු විශ්වාස කරන්නේ එය ආර්ථිකමය කාරණාවක් විය හැකි බවයි. “කෙටියෙන් කිවහොත්, අභ්‍යවකාශ වැඩසටහනක් ඇත්තටම ක්‍රියාත්මක කිරීමට වඩා, බොරුවක් මවා පෑම අතිශය වියදම් අඩු කාරණයක් බැවින්, ඒවා එසේ කිරීමට NASA ඇතුළු අනෙකුත් space agencies වලට රජයන් අනුග්‍රහය දක්වයි.” යනුවෙන් flat-earther websites වල වැඩිදුරටත් විස්තර කරනු ලබයි. (Astrolearn වෙබ් අඩවියෙන්)
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.