Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, July 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » පිටරැටියන්ට විෂ වූ හෙළයාට ගුණ වූ කංසා
Blog 55 Views

පිටරැටියන්ට විෂ වූ හෙළයාට ගුණ වූ කංසා

Buzzer EditorBy Buzzer EditorOctober 3, 2022No Comments4 Mins Read55 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

එදා හෙළදිව තුළ මහත් වූ වික්‍රමයන් පෑමට අප මුතුන් මිත්තන්ට හැකි විය. ඔවුන් කරවූ වැව් අමුණු, දාගැබ්, මාලිගා, පිළිමගෙවල්, පන්සල්, කෝවිල් දකින කල අප සිටින්නේ කොතැනද? එදා ඔවුන් සතුව තිබූ ඥානය, පරිකල්පන හැකියාව, ගණිත මිණිත හැකියාව අද ඇත්තේ කා තුළද? පරිගණක, ගණක යන්ත්‍ර නොමැති යුගයක වූව ද ඔවුන් මේ සියලු දේ සිදු කිරීමට සමත් වීම අපට මහත් අභිමානයක්, ලැජ්ජාවක් හා කුතුහලයක් දනවන කරුණකි.

අපට මෙන්ම එදා හෙළදිව ආක්‍රමණයට පැමිණි පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසීන්ට ද මෙය මහත් කුතුහලයක් හා ලැජ්ජාවක් විය. එම නිසාම ඔවුන් මේ පිළිබඳ ඉතා තීක්ෂණව සොයා බැලීය. රාජ සභාවල, මන්ත්‍රණ සභාවල වාඩිගත් අපේ හෙළ නායකවරු, ඇමතිවරු ඉතා නිශ්ශබ්දව හිඳ හික්මීමෙන් ඉතා පැහැදිලි හා නිවැරදි හා ප්‍රායෝගික අර්ථාන්විත තීන්දු තීරණ ලබාදුන්හ. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසීන්ට විරුද්ධව ඉතාම තීක්ෂණ බුද්ධියෙන් ඔවුන්ගේ දුර්වල තැන් සොයා බලා පහර දුන්හ. මුල් අවධියේ සුද්දාට තරම් අවි ආයුධ, ලිපි ලේඛන පහසුකම් නොවුව ද සිංහලයා උන්ට වඩා බලවත් ලෙස අවි ආයුධ නිර්මාණය කළහ. දැනුම පාරම්පරිකව මුඛ පරම්පරාවෙන් රැගෙන ගියේ එම දැනුම, ආරක්ෂාව තර කිරීම සඳහාය. විදේශිකයන් සතුව තිබූ විවිධ ඖෂධ තිබියදී ද අපි ගහ කොළෙන්, මන්ත්‍ර බලයෙන් සුවපත් විය. සුද්දාට තරම් විශේෂ ආහාර පෝෂණ අතිරේක එදා අපේ ගැටවරයන් ට නොතිබුණ ද ඔවුන් මහත් ශක්ති සම්පන්න විය. යෝධයන් ලෙස හැඳීන්වූයේ ඔවුන්ගේ ශරීර ප්‍රමාණය නොව ඔවුන්ගේ ශක්ති ප්‍රමාණයයි. මෙවන් විශේෂිත විශ්මය දනවන සුළු හැකියාවන් සහිත මිනිසුන් පිරි සිංහල හෙළ දූපත දකින කළ විදේශිකයා පුදුමයට පත්විය. මේ පිළිබඳ සොයා බැලූ සුද්දාට එදවස හමුවූයේ අපේ හෙළයේ භාවිත කළ කංසා ශාකයයි. මෙහි ඇති විශ්මිත ගුණ හෙළයා ප්‍රයෝජනයට ගන්නා බව සුද්දා ඇති සැටියෙන් දැන ගත්හ. එදා සිට මෙය හෙළයාගෙන් ඉවත් කිරීමට සුද්දා නොයෙක් ප්‍රයත්න දැරීය. අද මෙන් ඒ දවස ද සුද්දාට කත් ඇදූ සිංහලයන් මීට සහයෝගය දැක්විය.

විදේශිකයින් ඔවුන්ගේ මත්වතුර හා පාන් ගෙඩිය අපේ හෙළයාට හුරු කරවිය. එයට රාජ්‍ය අනුග්‍රහය ද ලබාදුන්හ. මත්පැනට මත්වී දුම් සුරුට්ටුවට සිංහලයා කෙමෙන් කෙමෙන් හුරු වෙද්දී කංසා ශාකය විනාශකාරී අන්තරායික ශාකයක් ලෙස නම් කරමින් ඔවුන් කංසා ශාකය ලංකාව තුළ තහනම් කිරීමට කටයුතු කළහ.

කෙමෙන් කෙමෙන් සිංහලයා දුර්වල වීම ආරම්භ වූයේ එතැන් පටන්ය. හොඳීන් හෙළ සහලේ බත් ධාන්‍ය වර්ග යහමින් අනුභව කර දිවා රෑ නොබලා වෙහෙසී කටයුතු කළ අප, මත්පැනින් මත් වී තම තමන්ගේ ලෝකවල තනිවෙමින් කඩපිල් ගානේ වැටෙමින් බත වෙනුවට කඩ පිලෙන් ගන්නා පාන් ගෙඩියෙන් බඩ පුරවා ගනිමින් දවස ගෙවා දමන්නට විය. මෙයින් ලැබෙන අතුරු විපාක කොතෙක් වුව ද සුද්දා තීක්ෂණ ලෙස හෙළයාට මෙය පුරුදු කරමින් සිංහලයා ඉතා දීන ජාතියක් බවට පත් පත් කිරීමට යත්න දැරීය.

අප රට තුළ ඉතා හොඳීන් වැවෙන කංසා ශාකයේ ප්‍රයෝජන කියා නිමකළ නොහැක. වර්තමානය වන විට බොහෝ විදේශ රටවල මෙහි තහනම ඉවත් කළ ද, අපේ රට මේ පිළිබඳ තවමත් සැලෙන ප්‍රතිපත්ති අනුගමනය කරයි. කංසා විෂ නම්, නියඟලා සුදුසු ද? කනේරු සුදුසු ද? අත්තන සුදුසු ද? සිතා බලන්න කංසා පමණක් අන්තරායකාරී වූයේ ඇයි?

කංසා ශාකය නියමාකාරව විෂ මැරීමක් සිදු කර ඖෂධයක් ලෙස භාවිත කළ හැකි වටිනා ශාකයකි. මෙය ඉතා හොඳ ප්‍රතිඵල ලබා දෙන වේදනා නාශකයකි. විදේශීය රටවල මෙහි විෂ මරා සාදන ලද තෛලය ප්‍රබල වේදනානාශක ලෙස යොදා ගනී. සර්ප විෂ, ජලභීතිකාව, වාත රෝග, ස්නායු රෝග සඳහා විශේෂයෙන් භාවිත වේ. තවද දේශීය වෙදකමේ ගුලි, කල්ක, චූර්ණ, මෝදක සංස්කරණය සඳහා ද කංසා ශාකය යොදා ගනී. සුරංවිදුර ගුලිය,ජීවානන්ද ගුලිය, මාත්තු පහ ගුලිය, සුර ජීවක කල්කය, කාමේෂ්වර මෝදකය මදන මෝදකය, විෂ්ණු ගුලිය වැනි ඖෂධ නිෂ්පාදනයට මෙම ශාකය බෙහෙවින් ප්‍රයෝජනවත් ය. අග්නි දීප්තිය, දෘෂ්ටිය දීප්තිය, මනෝ දීප්තිය, ප්‍රඥා දීප්තිය හා කාම දීප්තිය ඇති වන බව දේශීය වෛද්‍ය ග්‍රන්ථයන් හි සඳහන් ව ඇත.

එමෙන් ම ගොවිතැන් කටයුතුවල දී ගොවිතැනට හානි සිදුකරන විවිධ කෘමි සතුන් විනාශ කිරීමට ද කංසා ශාකය ප්‍රයෝජනවත් වෙයි.

වර්තමානයේ මෙම ශාකය අනිසි ලෙස භාවිත කිරීම හේතුවෙන් මෙය ප්‍රයෝජනවත් කාර්යයකට පවා ලබා ගැනීමට අසීරු තත්ත්වයකට පත්ව ඇත. මෙම ශාක කොටස් විවිධ මත්ද්‍රව්‍ය සමඟ මිශ්‍රකර භාවිත කිරීම අන්තරායක වන අතර, මෙම ශාක නිවැරදි සංශෝධනයක් සිදු කර සාමාන්‍ය ඖෂධ ලෙස භාවිතයට සූදානම් කිරීම ඇත්තෙන්ම අප රටට ඉතා වටිනා ඖෂධයකින් ලැබෙන වරප්‍රසාද ලැබෙනවා සේම රටට විශාල විදේශ විනිමයක් පවා ලබාගත හැකිය.

ශරීරයට ඉතා අහිතකර මත්පැන් ආදියට රාජ්‍ය අවසරය ලබාදී ඇති කාලයක ඇත්තෙන්ම කංසා ශාකය තහනම් කළ යුතු ද යන්න අප සියලු දෙනා සිතා බැලිය යුතු නොවේ ද?

වෛද්‍යාචාරිනී ගුණවතී එදිරිසිංහ මහත්මියගේ සටහනක් ඇසුරිණි.

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

blog featured medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleකොවිඩ් 19 තොරතුරු යාවත්කාලීන කිරීම – ඔක්තෝම්බර් 01 සහ 02
Next Article ජැක්ලින්ගෙන් පසු බොලිවුඩයට ආ ශ්‍රී ලාංකික සුරූපිනිය රශිප්‍රභා සංදීපනී
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20269 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202609 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.