ඉතා අවාසනාවන්ත ලෙසින් පාපන්දු තරගයක් අතරතුර ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 80 දෙනෙකු තුවාල ලබා තිබේ.
දකුණු දිග ඉරාකයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ අරාබි ගල්ෆ් කුසලාන තරගාවලියේ ඉරාකය සහ ඕමානය අතර අවසන් මහා තරගයේදී මෙම තෙරපීම සිදුව ඇති බවයි.
රටවල් අටකින් සමන්විත පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉරාකය ඕමානය සමඟින් තරග වැදී තිබුනා.
දහස් සංඛ්‍යාත පිරිසක් තරගය නැරඹීමට ක්‍රීඩාංගනයට ඇතුළු වීමට උත්සාහ කළ නමුත් ක්‍රීඩාංගනය විවෘතව තිබුණේ ප්‍රවේශපත්‍ර ඇති අයට පමන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ප්‍රවේශපත්‍ර නොමැතිව දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් බාස්රා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් පිටත රැස්ව සිට ඇති අතර ඔවුන් ක්‍රීඩාංගනය තුලට ඇතුල් වමට උත්සහ හිරිමත් සමඟ ත්රපිමට ලක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. (Neth Gossip)


තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.