ඇමෙරිකාව හරහා ප්රචණ්ඩ හිම කුණාටුවක් හඹා ගියේය. හිම කුණාටුවට හසුවුණු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. හිම කුණාටුව නැගෙනහිර ප්‍රාන්තවල සිට දකුණුදිග ප්‍රාන්ත තෙක් හමා ගිය බව එරට පුවත් සේවා පවසයි.
මියගිය තිදෙනා අතරේ මවක සහ පුතෙකු ද සිටින බව පැවැසෙයි. ඒ, ඔවුන්ගේ ලුවිසියානා ප්‍රාන්තයේ නිවස කුණාටුවට හසුවීමෙනි. හිම කුණාටුව හේතුවෙන් කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇඟවීමත් සමඟ පාසල් ද වසා දැමුණි.
හිම කුණාටුවත් සමඟ ප්‍රධාන නගර රැසකින් දැඩි හිම පතනයක් ද වාර්තා විය. ගුවන් ගමන් 3,300 ක් අවලංගු කෙරුණි. අවලංගු කෙරුණු ගුවන් ගමන් ගණන 150 කට වැඩිය. නගර රැසක් අඩි 4 ක් හිමෙන් යටවී ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
නෙබ්‍රැස්කා, වයෝමින්, සවුත් ඩෙකෝටා, මිනසෝටා ප්‍රාන්තවල ලක්ෂ 5 කට වැඩිය පිරිසකට උන් හිටිතැන් අහිමි වී තිබේ. (රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.