මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 152 ක හිඟයක් තවමත් පවතින බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් පවසනවා.
ඒ අනුව ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියට කල්ගතවීම ඖෂධ හිඟයට හේතුවක් වී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
මෙරටට ඖෂධ ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදුන් ණය මුදල් බවත් එහිදී අනුගමනය කළයුතු ක්‍රියාවලිය ඉතා දීර්ඝ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඉන්ධන ගෙන්වීමට මෙන්ම සෞඛ්‍ය අංශයටද ප්‍රමුඛතාව ලබාදිය යුතු බවයි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.