දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බර වාහන රියැදුරන්ගෙන් පොලීසිය විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවී ඇති රිය අනතුරක් හේතුවෙන් මාතර දෙසට ධාවනය කරනු ලබන බර වාහන කුරුඳුගහහැතැක්ම හුවමාරුවෙන් පිටවී යළි බද්දේගම හුවමාරුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවන ලෙසයි පොලීසිය දැනුම් දෙන්නේ.