මේ වසරේ ගත වූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව පසුගිය සතිය තුළ ඩෙංගු රෝගීන් 1,152 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් මේ වන විට රෝගීන් 59,317 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ.
මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වන අතර, මහනුවර, ගාල්ල, යාපනය, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් ද පසුගිය වසරට සාපේක්ෂව වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.