වෛද්‍ය අජේ ආර්යන්ගේ ජීවන ගමන පාදක කරගත් “අජේ වර්ධන් (Ajay Wardhan)” චිත්‍රපටිය නොවැම්බර් 4 වැනිදා එළිදැක්වීමට නියමිතයි. රොමිල් චෞද්රි (Romil Chaudhary) සහ ප්‍රියා ශර්මා (Priya Sharma) මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වේ. ඔවුන්ට අමතරව ගිරිෂ් තාපර් (Girish Thapar), අර්ජුම්මන් මුගල් (Arjumman Mughal), රුස්ලාන් මුම්ටාස් (Ruslaan Mumtaz), අයිශ්වර්යා රාජ් භකුනි (Aishwarya Raj Bhakuni) සහ අප ශ්‍රී ලංකාවෙන් රශිප්‍රභා සංදීපනී (Rashiprabha Sandeepani) ඇතුළු බොලිවුඩ් නළු නිළියෝ ද චිත්‍රපටයට සම්බන්ධ වෙති.
චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ Dr Pragati Agarwal විසිනි. චිත්‍රපටයේ අධීක්ෂණ අධ්‍යක්ෂණය බොලිවුඩයේ ප්‍රවීණ අධ්‍යක්ෂක දුෂ්යන්ත් ප්‍රතාප් සිං විසින් සිදු කර ඇත. දුෂ්යන්ත් කෝපරේෂන් බැනරය යටතේ, මෙම චිත්‍රපටය නොවැම්බර් 4 වනදා ඉන්දියාව පුරා ප්‍රදර්ශනය කෙරේ.