ගෙමිදුලක ස්ථාවර පොකුණක් වෙනුවට තාවකාලිකව ගොඩනැගූ පොකුණක් සකසා ගෙන තිබුණේ නම් ඔබට එය ගැටළුවක් නොවී අවශ්‍ය වුවහොත් ඊට වඩා සුදුසු යැයි වැටහෙන ස්ථානයක පොකුණක් තනා ගැනීමට අප ඔබව මෙම ලිපිය හරහා උත්සුක කරමු. තාවකාලික පොකුණක් යැයි අප නමින් සඳහන් කළද එහි ස්ථාවර පොකුණක දක්නට ලැබෙන සුන්දරත්වය ඒ ආකාරයෙන්ම පවතින පරිදි සකසා ගැනීම හරහා ගෙමිදුලට නොමද සුන්දරත්වයක් එකතු කරගත හැකිවේ.
අවශ්‍ය ද්‍රව්‍ය,
- ඝනකම් කළු පැහැති පොලිතීන්
- වැලි
- මඩ පිරවූ බඳුන් කිහිපයක්
- ඕලු, නෙලුම් වැනි ජලජ ශාක කිහිපයක්
- ජලාශ්‍රිතව වැඩෙන වැල් වර්ග සහ පන් වර්ග, මීවන ශාක
- රබර් ජල නලයක්
- උදැල්ලක් සහ සවලක්
ප්‍රථමයෙන්ම පොකුණ ඉදිකිරීමට අවශ්‍ය ස්ථානය තෝරාගෙන රබර් ජල නළය තුළ එහි සීමාව ලකුණු කර ගන්න. ඉන් අනතුරුව රබර් නාලය ඉවත් කර මැද කොටසේ පස් බෑවුමක් ඇති වන පරිදි පිටතට දමා ගන්න. එමගින් පොකුණෙහි ඉඩ ප්‍රමාණය මතුවන අතර ඒ මතුපිට වැලි තට්ටුවක් ඉහළ දාරයේ සිට ම පහළට යන තෙක් එකතු කරගන්න. අනතුරුව එම වැලි තට්ටුව මත කලින් සඳහන් කළ ඝනකම් කලු ඉටි රෙද්ද පරිස්සමෙන් අතුරන්න. දැන් ඉටි රෙදි කැබැල්ලේ ඉහළ කෙලවරවල් පොකුණෙන් උඩට මතු වී ඇත. එම කොටස් පහළට ඇදී නොයන පරිදි පස්වලට යට කර වැටියක් සේ සදා ගන්න. ඉන් අනතුරුව පොකුණ පතුලේ පිරවූ බඳුන් තබා එහි ඕලු නෙළුම් මානෙල් වැනි ජලජ ශාක සිටුවා ගන්න.

පොකුණ වටා පිටත දාරය දිගේ ද ගල් හෝ කෘතිම සකසා ගත් රවුම් ගල් තබා දාරය වසා හැඩ වැඩ කරගන්න. ජලාශ්‍රිතව වැඩෙන විවිධ පැළෑටි මීමන ශාක වැල් වර්ග ආදිය සිටුවා ගැනීමෙන් එහි ඇති කෘතිම බව ඉවත්වී ස්වාභාවිකත්වය ඉස්මතු කරගත හැකිවේ. ඊට අමතරව ඔබට මේ පොකුණේ තවත් අලංකාර කර ගන්නට මූර්ති සත්ව රූප කුරුලු රූප ආදිය භාවිතා කළ හැකි වන අතර උදාහරණයක් ලෙස ජලය පිරි බඳුනකින් පොකුණ වෙත ජලය වත් කරනා ලලනාවකගේ රුවක්, පොකුණෙහි දිය බීමට පැමිණ සිටින මුවපොව්වන් ආදිය එකතු කර ගත හැකි වේ.
සාමාන්‍යයෙන් තාවකාලිකව සකසා ගත් මෙවැනි පොකුණක් අවුරුද්දකට වැඩි කාලයක් භාවිතා කළ හැකි වන අතර අවශ්‍යතාවය අනුව ඔබට මෙය වෙනත් ස්ථානයකට මාරු කරගන්නට වුවද හැකියාවක් පවතී. මෙලෙස පොලිතින් භාවිතයෙන් සකසා ගත් පොකුණු වලට අමතරව ඔබට fiber පොකුණු ද නිර්මාණය කර ගත හැකිය. මෙහිදී ගහලා වර්ගයේ ශාක සහ කෙටල වර්ග, කුඩා පඳුරු වශයෙන් වැඩෙන කටු සහිත වැටකෙයියා වර්ග වගා කිරීමෙන් කොළ පැහැයෙන් බබළන ස්වභාවිකත්වය හරි අපූරුවට මතුකර ගත හැකි වේ. (aayubo)
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Lifestyle සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.