අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනා දෙකකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පුහුණුව ලබන සිසුන් සඳහා සහනාධාර පොලී පදනම මත ශිෂ්‍ය ණය පහසුකමක් ඇති කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මඟින් අ.පො.ස.(උ/පෙළ) විභාගය සමත් වූවන් සඳහා වසර 2ක ආයතනික පුහුණුවක් සහ වසරක සීමාවාසික පුහුණුවක් සමඟ ගුරු පුහුණුව ලබා දේ.
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුහුණු කාලය තුළ ගුරු අභ්‍යාසලාභියෙකුට ලබාදෙන රු. 5000 ප්‍රමාණවත් නොවන අතර අධ්‍යාපන විද්‍යාල මෙම වසරක සීමාවාසික පුහුණුව සඳහා නවාතැන් ලබා නොදෙන බැවින් නවාතැන් සහ ගමන් වැනි සියලුම වියදම් අභ්‍යාසලාභීන් විසින් දැරිය යුතුය. දැනට ගෙවනු ලබන දීමනාවට අමතරව සහනදායී පොලී පදනම මත රාජ්‍ය බැංකුවක් හරහා පුහුණුවන්නෙකුට මසකට උපරිම රුපියල් 10,000 ක මූල්‍ය ප්රතිපාදනයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍යවරු අනුමත කළහ.