කාන්තාවක් මව් පදවිය ලැබීම ඇයගේ ජීවිතයේ ඉතාමත්ම සතුටුදායක මෙන්ම සුවිශේෂීම කාලයක් වනවා. මුල්ම දරු උපත නම් ඇයට මෙය අළුත්ම අත්දැකීමක් වෙනවා. එනිසාම බොහෝ ගැබිණි මව්වරුන් තමන්ගේ ආහාර රටා හා ඇවතුම් පැවතුම් ගැන වෙනදාට වඩා විශේෂ සැලකිල්ලක් දක්වමින් කටයුතු කරන්නට පෙළඹෙනවා. ඒ අතරම සමාජය තුළ පවත්නා ඇතැම් මිත්‍යා මත නිසාවෙන් මව්වරුන් අනිසි බියක් ඇති කරගන්නවා. අද අප ඒ පිළිබඳව කතාබහ කරන්නට සිතුවා.
- පැපොල් , අන්නාසි ආහාරයට ගැනීම සුදුසු නොවේ
බොහෝ දෙනෙකුගේ මතය වන්නේ මෙලෙස පැපොල් සහ අන්නාසි ආහාරයට ගැනීමෙන් පිළිසිඳ ගත් කලලයට හානියක් සිදු වන බවයි. නමුත් හොඳින් ඉදුණු පැපොල් සහ අන්නාසි ආහාරයට ගැනීමෙන් කලලයට කිසිදු හානියක් සිදු නොවේ. නමුත් මේ වර්ග දෙකම අමුවෙන් හෝ ව්‍යාංජනයක් ලෙසින් සකස් කර ආහාරයට ගැනීම සුදුසු නොවේ.
- චොකලට් හා කෝපි ගැනීම නුසුදුසුයි
චොකලට් හෝ කෝපි වල කැෆේන් අඩංගු වන නිසා එම ආහාර පාන වර්ග ගැනීමෙන් වැළකී සිටිය යුතු බව මතයකි. මෙහිදී දිනකට කැෆේන් පරිභෝජනය මිලිග්‍රෑම් 300 කට වඩා වැඩිපුර ගැනීම සුදුසු නැති බව සත්‍යයකි. එහෙත් මිලිග්‍රෑම් 50 ක් පමණ ප්‍රමාණයක් පානයට ගැනීම තුළින් කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවෙයි.
- රූපලාවණ්‍ය ආලේප ගැල්වීම
රූපලාවණ්‍ය ආලේපන මගින් කලලයට හානියක් ඇති වනවා යැයි ඇති මතය නිසාවෙන් බොහෝ කාන්තාවන් තම ගර්භණී සමයෙහි රූපලාවණ්‍ය කටයුතු මඟ හරියි. පැහැදිලිවම ඔබට කිසිදු ආසාත්මිකතාවයන් නැත්නම් කිසිසේත්ම රූපලාවණ්‍ය ආලේපනයන් ඔබගේ කලලයට හානියක් නොවෙයි.
- බර වැඩ කිරීම නුසුදුසුයි
සාමාන්‍යයෙන් මවක් තමන්ගේ සුපුරුදු දෛනික ක්රියාවලියෙහි යෙදීම හා වෙහෙසීම තුළින් ඇයගේ සෞඛ්‍යයට හානි නොවේ. එනිසා ඒ කටයුතු වෙනදා මෙන් පහසුවෙන් සිදු කිරීම කළ යුතුයි.
- දුර ගමන් නොයාම
එක දිගටම එකම ඉරියව්වකින් පැය 5 – 8 ක් සිටීමෙන් ගැබිණි කාන්තාවකගේ පාදවල රුධිරය කැටි ගැසීම සිදු විය හැකි නිසා දුර බැහැර ගමන් බිමන් යාම ගැබිණි මවකට අපහසු වුවද පැය 3 ක හෝ 4 ක ගමනක් යාම ඇයට කිසිසේත්ම අපහසු වන්නේ නැත. කකුල් ඉහළ පහළ කරමින්, වාහනයක යන්නේ නම් මහ මඟ මඳක් රැදී විවේක ගැනීමෙන්ද එම අපහසුතා මගහරවා ගත හැකියි.
- ත්‍රීවිල් හෝ මෝටර් බයිසිකල් වල ගමන් නොයාම
ත්‍රීවිල් හා බයිසිකල් වල ගමන් යාමේදී ගැබිණි මවකගේ කලලයට බලපෑමක් එල්ල වන බවට මතයක් පවතී. නමුත් දරුවා කලලයෙහි පාවෙන ස්ථරයක (water bag) හි සිටින නිසාවෙන් බොහෝ කම්පනයන්ට ස්වාභාවිකවම ආරක්ෂාව සැලසෙනු ඇත.
- අල්ට්රා සවුන්ඩ් කිරණ
මවගේ කලලය පරීක්ෂා කිරීමට වෛද්‍යවරුන් විසින් සිදු කරන ලබන අල්ට්රා සවුන්ඩ් කිරණ තුළින් කලලයට හානි වන බවට මතයක් ඇත. මෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. නමුත් නිතර නිතර එක්ස් රේ හෝ CT ස්කෑන් පරීක්ෂණ කිරීම නම් ගැබිණි මවකට එතරම්ම සුදුසු දෙයක් නොවනවා. (aayubo)
එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.
Buzzer.lk සහ Buzzer Blog සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.