ශ්‍රී ලංකාවේ පවතින ඖෂධ හිඟයට විසඳුම් සෙවීම සඳහා විදෙස් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සමග එක්ව මෙරටට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
අමාත්‍යවරයා කියා සිටින්නේ දෙසැම්බර් අවසන් වීමට පෙර මෙරට පවතින ඖෂධ හිඟය සඳහා යම් පිළියමක් ලබාදීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇති බවයි.