අධික හිරු රශ්මියක් පතිතවන උදෑසන 11.00 ත් පස්වරු 3.00 ත් අතර කාලය තුළ එළිමහනේ ගමන් කිරීම අවම කිරීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනතාවට දැනුම්දෙනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න සඳහන් කරන්නේ කුඩා දරුවන්, ගර්භණී මව්වරුන් සහ විවිධ රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නා පිරිස් විජලනයෙන් වැළැකීමට පියවර ගතයුතු බවයි. ඒ සඳහා අනෙකුත් දිනවලට වඩා වැඩිපුර ජලය පානය කරන ලෙසත් පැණි බීම පානයෙන් වැළකිය යුතු බවත් ඇය පෙන්වා දෙනවා.
එසේම අත්‍යවශ්‍ය කාරණාවලට හැරුණුවිට උදෑසන 11.00 ත් පස්වරු 3.00 අතර කාලය තුළ අව් රශ්මියට නිරාවරණය වීම වැළැක්වීම මඟින් ශරීරගත වන තාපයෙන් වන හානිය වළක්වාගත හැකි බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනවා. පාසල් දරුවන් යොදා ගනිමින් මෙම දිනවල එළිමහනේ උත්සව පැවැත්වීමෙන් වළකින ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්රවෘත්ති අංශයට පිවිසෙන්න.