කොළඹ ගාලු මුවදොර පිහිටි විරෝධතා ස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමට නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා යෝජනා කර තිබේ.
අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ විරෝධතා පැවැත්වෙන ස්ථානය විපක්ෂ නායක කාර්යාලය අසල පිහිටි විහාරමහා දේවි උද්‍යානයට ගෙන යා හැකි බවයි.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති උද්ඝෝෂණ ස්ථානය සුදුසු ස්ථානයක් නොවන බව නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස තමන් විශ්වාස කරන බවද රණතුංග මහතා පැවසීය.