සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින තරඟය අද (12) පැවැත්වෙනවා.
ඒ අනුව මෙම තරගය අද පස්වරු 1.30ට ඉන්දියාවේ කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න් ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු එක්දින තරගය ලකුණු 67කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ශ්රී ලංකාවෙන් බලාපොරොත්තු විය හැක්කේ එක් වෙනසක් පමණි. පළමු එක්දින තරගයේදී ඩිල්ෂාන් මධුශංක ආබාධයකට ලක්වීම හේතුවෙන් ලහිරු කුමාර ප්රධාන කණ්ඩායමට ඇතුළත් වීමේ ඉහළ සම්භාවිතාවක් පවතී.
ශ්රී ලංකාව (විය හැකි): 1 පැතුම් නිශ්ශංක, 2 අවිශ්ක ප්රනාන්දු, 3 කුසල් මෙන්ඩිස් (WK), 4 චරිත් අසලංක, 5 ධනංජය ද සිල්වා, 6 දසුන් ශානක (නායක), 7 වනිඳු හසරංග, 8 දුනිත් වෙල්ලාලගේ, 9 චාමික 10 කසුන් රාජිත, 11 ඩිල්ෂාන් මධුශංක/ලහිරු කුමාර
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.