සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරඟයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 40 අවසානයේ ලකුණු 215ක් රැස් කළා. පන්දුවට පහරදීමේ දී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නුවනිඳු ප්රනාන්දු ලකුණු 50ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 32ක් රැස් කළහ.
පන්දු යැවීමේදී Kuldeep Yadav කඩුලු 3 ක් හා Mohammed Siraj කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දීය කණ්ඩායම 44 වන පන්දුවාරයේදී කඩුලු 6 ක් දැවී සිටියදී සිය ජයග්රාහී ඉලක්කය පසුකර ගියා. පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් K. L රාහුල් ලකුණු 64 ක්, හාර්ඩික් පාන්ඩයා ලකුණු 36 ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ළහිරු කුමාර හා චාමික කරුණාරත්න කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.




Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.