එළඹෙන 2023 ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේදී ශ්රී ලංකාවේ පළමු වටයේ ප්රතිවාදීන් ලෙස ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය තරගාවලියට එකතු වන බව ආසියානු ක්රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වෙයි.
නිකුත් කරන ලද නිවේදනය අනුව ශ්රී ලංකාව, බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය දෙවන කාණ්ඩයේ තරගාවලියට සහභාගි වේ. ලබන සැප්තැම්බර් මාසයේදී තරගාවලිය පැවැත්වීමට නියමිත අතර ආසියානු ක්රිකට් ශූරයෝ ලෙස ශ්රී ලංකාව තරගාවලියට එක් වෙයි.
තරගාවලියේ සත්කාරකත්වය පසුගිය වර අනුශූරතාව හිමිකර ගත් පකිස්ථානයට හිමිව ඇති අතර ඉන්දියාව ද ඇතුළත් එම කාණ්ඩය දෙවැනි කාණ්ඩය ලෙස දක්වා ඇත. එම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් තේරී පත්වන කණ්ඩායම වේ.
තරගාවලියේ පළමු වටයේදී එක් එක් කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගනී.
තරගාවලියට අවසාන මහා තරගයද ඇතුළුව තරග 13 ක් ඇතුළත් වේ. (දිවයින)
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.