පවතින අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කරගනිමින් ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා 2023 අයවැය වැදගත් වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ, මුදල් ප්‍රතිපත්ති තර කර පොලී අනුපාත වැඩි කරමින් සහ රජය බදු වැඩිකිරීම් සිදු නොකළ සිටියේ නම් මේ වන විට රට තුල උද්ධමනය 100% ඉක්මවීමට ඉඩ තිබූ බවයි.
ඒ අනුව එම තත්ත්වයත් සමඟ ගත් තීරණ හේතුවෙන් මේ වන විට සියයට සියයක් නැතත් යම් ස්ථාවරත්වයක සිටින බවත්
ඇදවැටුණු සමහර ව්‍යාපාර දැන් නැවත ක්‍රියාත්මක වෙමින් පවතින බවත් නමුත් සමහර අංශවලට තවමත් බලපෑම් ඇති බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළා.
Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.