පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන දිනවලදී සහ අයවැය විවාදය පවත්වනු ලබන කාලසීමාව තුළදී අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ රජයේ පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදේශගතවීම සීමා කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව හදිසි වෛද්‍යමය අවශ්‍යතාවකදී හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර එම කාලසීමාව තුළදී විදේශගත නොවිය යුතු බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.