Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, July 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » අධික රක්ත චාපය හෙවත් (High Blood Pressure) ප්‍රෙෂර්
Blog 11 Views

අධික රක්ත චාපය හෙවත් (High Blood Pressure) ප්‍රෙෂර්

Buzzer EditorBy Buzzer EditorSeptember 26, 2022No Comments4 Mins Read11 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අධික රක්ත චාපය යන්න කුමක්දැයි ප්‍රථමයෙන් වටහා ගැනීම සුදුසු වේ. මෙය සාමාන්‍ය කවුරුත් හඳුන්වන්නේ ප්‍රෙෂර් එක නමිනි. ප්‍රෙෂර් එක හෙවත් අධික රුධිර පීඩනය කෙරෙහි වකුගඩු (Kidney) වල ප්‍රබල බලපෑමක් තිබේ. මෙකල අතිශය බහුතරයක් මධුමේහය, දියවැඩියාව හෙවත් (Blood Sugar) රෝගයෙන් පෙළෙයි. මෙම දියවැඩියා රෝගීන්ට ද වකුගඩු දුබලතාව තදබල ලෙස පවතිනු ඇත. එවැනි රෝගීන් හට අධික රුධිර පීඩනය බෙහෙවින් බලපෑමට හේතු වේ.

එනමුත් වත්මන් ආහාර රටාව නිසාත් දෛනික ඇවතුම් පැවතුම්වල පවතින නොමනා තත්ත්වය නිසාත් නිතර මුහුණදෙන ව්‍යුහගත රෝග හෙවත් ප්‍රමේහ රෝග ද බොහෝ සේ පවතී. මෙයද අධික රුධිර පීඩනය (High Blood Pressure) කෙරෙහි බලපාන ප්‍රබල සාධකයකි.

මෙම රෝගයේ විද්‍යාත්මක පැත්ත ගැන පාඨකයින්ට යම් අදහසක් දීම මැනවි. යමෙකුගේ සමස්ත ශරීරයේම, සෑම ඉන්ද්‍රියකම සෑම අවයවයකම පැවැත්ම සහ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය පෝෂණය සැපයීමේ ප්‍රවාහන සේවය පවත්වනු ලබන්නේ රුධිරය මාර්ගයෙනි. මෙම රුධිර ගමනා ගමනයට අවශ්‍ය තෙරපීම, පීඩනය (බලය) ලබා දෙන්නේ හෘදය වස්තුවේ සිදුවන ආකුඤ්චන ප්‍රසාරණ හෙවත් හැකිළීම සහ දිගහැරීම/ පිම්බීම යන ක්‍රියාව මඟිනි. අනවරතව සිදුවන මෙම ක්‍රියාව හෙවත් පොම්ප කිරීමට අවශ්‍ය පීඩනය ලබා දීම නිසා ශරීරය පුරා රක්තය විහිදුවාලීම සිදු කරනු ලබයි. මෙම ක්‍රියාකාරීත්වයේ දී හෘදය වස්තුවේ සිදුවන රිද්මයානුකූල ආකුඤ්චන – ප්‍රසාරණ (ලබ් – ඩබ්) ශබ්දය හෘද ස්පන්දන වේගයේ අඩු වැඩි වීම රක්ත චාපයේ අඩුවැඩිවීම සැලකේ. රුධිර පීඩනය රක්ත ගමනාගමනය (Blood Pressure) යනුවෙන් හඳුන්වන්නේ මෙම ක්‍රියාවලියයි.

හෘදය වස්තුවේ ආකුඤ්චන ප්‍රසාරණ ක්‍රියාව නිසා එහි වම් කර්ණිකාවේ (left) සිට වම් කෝෂිකාව (left Ventricle) දක්වාත් එතැනින් මහා ධමනියටත් (Aorta) මහාධමනියෙන් උදරීය ධමනියටත් (Abdominal Aorta) ගමන් කරන රුධිරය මහා ධමනිය තුළින් ශරීරය පුරා විහිදුවන ධමනි, ශාඛා, ප්‍රකාශ මඟින් සෑම ඉන්ද්‍රියකටම සෑම අවයවයකටම එහි ක්‍රියාකාරීත්වයකටම හෝ පැවැත්මට අවශ්‍ය පදාර්ථ සපයමින් අනවරත ක්‍රියාවක් පවත්වාගනු ලබයි.

මෙම ධමනි පද්ධතිය ඉදිරියට ගමන් කිරීමේ දී සිහින් වේවි ගොස් ශරීරාංග කෙළවරේ දී අතුල් පතුල් හා හිස්කබලේ මුදුන් තලයේ දී, ඉතා සියුම් ප්‍රණාලිකා රැසක් සේ පිහිටා ශරීර ක්‍රියාවෙන් ශේෂ වූ අපද්‍රව්‍ය සහිත වූ අපිරිසුදු වූ හෙවත් රක්තයෙහි බලශක්තිය වූ අම්ලකර වායු ශක්තිය හීන වූ රුධිරය ධමනි ජාල කෙළවර හිදී සම්බන්ධවන ශිරා ජාලවලට පිවිස අනුක්‍රමයෙන් මහත් වේවි පුප්ඵුස ද්වය (Lungs) කරා යන සිරා මඟින් යන සිරා රක්තය හෘදය වස්තුවේ දක්ෂිණ කෝෂිකාවටත් (Right Ventricle) එතැනින් දක්ෂිණ කර්ණිකාව (Right Artery) වෙතටත් ප්‍රවේශව, එතැන් සිට පුප්පුසීය ධමනිය (Pulmonary Artery) මඟින් අම්ල කරායනය සඳහා පෙණහලු කරා ගමන් කරයි. අප ශ්වාස මාර්ගය තුළින් ආශ්වාස කරන අම්ලකර වායුව පෙණහලු කෝෂ පටක තුළදී රක්තය මඟින් ලබාගෙන හෙවත් එහිදී පවිත්‍ර වූ රුධිරය පුප්පුසීය සිරාව මඟින් හෘදය වස්තුවේ වාම කර්ණිකාව වෙත ලබා දෙයි.

මෙම රක්තයේ ප්‍රමිතිය පිළිබඳ යම් වෙනසක් ඇතිවුවහොත් රුධිර පීඩනය අඩුවැඩිවීමට එය බලපායි. එසේම රුධිරය අඩුවැඩි වීමටද වගේම රුධිරය ගමන් කරන නාළ (ධමනි) තුළ ඇතුළත ටියුබයේ රුධිරය තුළ එකතුවන අතිරික්ත මේදය සෑදීම සඳහා නාළයේ ඉඩ ප්‍රමාණය ඇහිරීම (නාළය පටුවීම) නිසාද රුධිරය ගමනා ගමනයේ වෙනස්කම් ඇතිවිය හැකි ය.

සමහරකු නිතර මානසික පීඩනයෙන් පෙළෙනු ලබයි නම් හිතේ සන්සුන් බව අඩු වී නිතර නොසන්සුන් තත්ත්වයට (කලබලකාරී තත්ත්වයෙන්) පත්වීම නිසා ද, වෙනත් යම් රෝගවල බලපෑම නිසාද රුධිරය පීඩනය (ලේ ගමන) ඇති විය හැකි බව සඳහන් කළ හැකිය. රුධිරයෙහි අඩංගු මේද ප්‍රමාණය (cholesterol) අධික වීම රුධිර පීඩනය සහ හෘදයාබාධ වැඩි වීම කෙරෙහි බලපායි. මේ කරුණු අනුව අධික රුධිර පීඩනය රෝගීන්ට ප්‍රතිකාර යෙදීමට පළමුව කවර මූලික හේතුවක් හෝ හේතු කීපයක බලපෑම් නිසා ලේ ගමන වැඩි ඇතිදැයි නිබඳවම තේරුම් ගත යුතු වේ.

අධික රුධිර පීඩනයෙන් පෙළෙන අයට, අධික හිසරදය, හිසේ බර ගතිය, තෝන්තු ගතිය, ක්ලාන්ත ගතිය, ඇවිදින විට විසිවන ගතිය, හතිය, පපුවේ බරගතිය, හෝ වේදනා ගතිය ශරීර සමබරතාවය පාලනය කර ගත නොහැකි වීම අධික ඩහදිය වහනය වීම, දෙපා ඉදිමුම, අත්පා මාංශ පේශී වේදනා සහිත වීම වැනි ලක්ෂණ ඇතිවී නම් රුධිර ගමනය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කිරීම වැදගත් වේ.

දිගුකලක් පවතින රුධිර පීඩනයේ දී රුධිරයෙහි මේද අධිකත්වය (High Cholesterol) විශේෂයෙන් බලපාන බව සිතා ගත යුතු ය. එවැනි රෝගීන්ගේ බර ප්‍රමාණය වැඩි විය හැකිය. එනිසා අධික රුධිර පීඩනයෙන් පෙළෙන අයට ඉතා ප්‍රත්‍යක්ෂ ඔසු සංයෝග ගත් කළ සුදුලූනු ව්‍යාඤ්ජනය නිතර ගැනීම හොඳය. ලශුණ හෙළලුහුණු ලෙස නම් කරන මෙම මහ ඔසුව ඕනෑම ආබාධයකදී ගත්තාට වරදක් නැත. සුදුලූනු බික් 30 පමණ ගෙන මී පැණියෙහි බහා තබා දින 30ක් පසුකර දිනකට එකක් බැගින් ආහාරයට ගැනීමෙන් රුධිර පීඩනය පාලනය කර ගත හැකි ය.

උදේ – සවස සුදුලූනු, බැබිලමුල්, රසකිඳ, නෙල්ලි, මී පැණි, මිශ්‍රකර කෂාය සාදා පානය කරන්න.

එමෙන්ම කරපිංචා, සුදුලූනු ගොරකා චූර්ණයට මී පැණි මිශ්‍රකර කෑම පානය සඳහා – පුනර්නාසවය, ලසුනාසවය බලාරිෂ්ටය සුදුසුවේ.

සුදුලූනු, කරපිංචා, රතුකැකුළු සහල් මිශ්‍ර කැඳ බොනු. ආහාර සඳහා තෛල පදාර්ථ නොයෙදූ සමබර ආහාර ගත යුතුය. සෑම ආහාර වේලකටම සුදුලූනු ගොරකා කරපිංචා යෙදීම වැදගත් ය.

පාරම්පරික ආයුර්වේද අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය සුසිලා නාලිනී ගොඩලියද්ද ගේ සටහනක් ඇසුරිණි.

වැඩි විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

blog featured medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleස්ටර්ලිං පවුමේ වාර්තාගත පහත වැටීමක්
Next Article හිටපු CIA ඔත්තු කරුවෙකු වන එඩ්වඩ් ස්නෝඩන්ට රුසියාවේ පුරවැසිභාවය
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.