අද දිනට පමණක් විදුලි කප්පාදුව පැය 3ක් දක්වා දීර්ඝ කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.
නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන කොටසේ ඇතිවූ හදිසි බිඳවැටීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ.
හෙට දිනයේ සිට නැවත විදුලි කප්පාදුව පැය 2යි මිනිත්තු 20 ක් දක්වා ගෙන ඒමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.