අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 6ක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබාගත හැකි බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.
මිල අඩුකළ භාණ්ඩ ලැයිස්තුව හා නව මිල පහතින්,
- සුදු ලූණු 1KG – රු.60 කින් (නව මිල රු.490)
- පාන්පිටි 1KG – රු.55 කින් (නව මිල රු.320)
- හාල්මැස්සන් 1KG – රු.50 කින් (නව මිල රු.1450)
- කඩල පරිප්පු 1KG – රු.30 කින් (නව මිල රු.285)
- සුදු සීනි 1KG – රු.15 කින් (නව මිල රු.260)
- ආනයනික සුදු කැකුළු සහල් 1KG – රු.5 කින් (නව මිල රු.169)


