ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන වෙනිසියුලාව ට අයත්ව තිබූ අවසන් ග්ලැසියරයත් දිනෙන් දින හැකිලෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ ගෝලීය උණුසුම නිසා නිර්මාණය වූ එල් නීනෝ නමැති විපරිත දේශගුණික විපර්යාස හේතුවෙනි.
වෙනිසියුලාවට ග්ලැසියර කීපයක් තිබුණු අතර, ඒ සියල්ල සියල්ල දියවී හැකිලී ගියේ ද දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් වශයෙනි. ඉතිරිව තිබුණේ මුහුදු මට්ටමේ සිට මීටර් 5,000 ක් ඉහළින් සියේරා – නෙවාඩා කඳු පන්තියේ පිහිටා ඇති ‘හම්බෝල්ට්’ ග්ලාසියරයයි.
මෙය හෙක්ටයාර් දෙකක ප්‍රදේශයක් පුරා පැතිර තිබුණු නමුත් දැන් දිනෙන් දින මෙය දියවී හැකිලීමට පටන් ගෙන ඇත. (AFP)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.